නපුර, දෝෂ දුරු කර රටටම ආසිරි පතා පාර්ලිමේන්තුවේ දේව පූජාවක්..


ශ්‍රී ලංකාවේ බහු ආගමික සහජීවනය සංකේතවත් කරමින්, නවරාත්‍රී පූජෝත්සවය  ආචාර්ය හරිනි  අමරසුරිය  අග්‍රාමාත්‍යවරිය සහ වෛද්‍ය ජගත් වික්‍රමරත්න කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් (20) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී උත්සවාකාරයෙන් සමරනු ලැබීය.  

කථානායකවරයාගේ උපදෙස් මත, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ, හින්දු ආගමික හා  සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින්  මෙම උත්සවය සංවිධානය කරන ලදී.

ඒ අනුව අද පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී නවරාත්‍රී පූජෝත්සවය සැමරීම ආරම්භ කරමින් හින්දු පූජකවරු  ආගමික චාරිත්‍ර වල නිරත වූහ. එමෙන්ම මෙම අවස්ථාව ආශීර්වාදාත්මක නර්තනාංග කිහිපයකින් වර්ණවත් විය.

ආචාර්ය හරිනි  අමරසුරිය අග්‍රාමාත්‍යතුමිය මෙහිදී අදහස් දක්වමින්,  යහපත් සිතිවිල්ලෙන් සිදු කරනු ලබන මෙම පූජෝත්සවය සමස්ත රටටම ආශීර්වාදයක් වන බව පවසා සිටියේය. එසේම අන්‍ය සංස්කෘතීන්ට ගරු කරන ආගමික සහ සංස්කෘතික සහජීවනය තුළින් වඩාත් යහපත් රටක් ඇති කිරීමට හැකි බවත් ඇය පෙන්වා දුන්නාය.

මෙහිදී  අදහස් දක්වමින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා, හින්දු විශ්වාසයට අනුව දුර්ගා දේවියගේ ආශිර්වාදයෙන් අයහපත දුරුවී, ලක්ෂ්මි දේවියගේ ආශීර්වාදයෙන් යස ඉසුරින් ආඪ්‍ය වී සරස්වතියගේ ඇල්ම බැල්මෙන් ප්‍රඥාව දියුණු වීම ප්‍රාර්ථනා කරන බවත් ‍‍සඳහන් කළේය. එසේම සියලු දෙනාගේම දායකත්වයෙන් කිසිදු භේදයකින් තොරව මෙවැනි සැමරුම් සංවිධානය කිරීම ආදර්ශයක් බවත්  කථානායකවරයා පැවසීය.

භක්තියෙන් සමරනු ලබන හින්දු ආගමික උත්සවයක් ලෙස නවරාත්‍රී උත්සවය හැඳින්වෙන  අතර  මේ උත්සවය සෑම වසරකම ඔක්තෝබර් මස මුලදී සමරනු ලැබේ. මෙම පූජෝත්සවය  පුරා දින 9ක් රාත්‍රී භාගයේ දෙවියන් වෙනුවෙන් පවත්වන හෙයින් " නවරාත්‍රී " උත්සවය ලෙස නම් කොට ඇත. පළමු දින තුනේදී දුර්ගා දේවිය වෙනුවෙන් පුද පූජා  පවත්වන අතර  සියලු දුර්ගුණ, නපුර සහ දෝෂ දුරු කිරීමේ බලය ඇය සතුය. ඊළඟ තෙදින තුළ පුදනු ලබන්නේ තමන්ගේ බැතිමතුන් වෙත නොනැසෙන සම්පත සහ යස ඉසුර ලබා දෙන්නී සේ සැලකෙන ලක්ෂ්මී දේවියයි. ප්‍රඥාවේ දේවතාවිය සේ සලකන සරස්වතිය නමදිනු ලබන්නේ අවසන් තෙදින තුළය. මෙකී දින 09න්  පසු 10වන  දිනයේදී පූජාවක් පැවැත්වෙන අතර එය “විද්‍යා ආරම්භම්” ලෙස හඳුන්වයි. එම පූජාව අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම සංකේතවත් කරමින් කරනු ලබන පූජාවක් ලෙස සැළකේ.

මේ අවස්ථාව සඳහා හින්දු ආගමික පුජකතුමන්ලා, නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, නියෝජ්‍ය  කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය  අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය  (ආචාර්ය) හිනිදුම සුනිල් සෙ‍නෙවි,  ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්  නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප්, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක යන මහත්ම මහත්මීහූ ඇතුළු මැති ඇමතිවරු පිරිසක් සහභාගී වූහ. එසේම පාර්ලිමේන්තුවේ  මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, සහකාර මහ ලේකම් හංස අබේරත්න යන මහතා ඇතුළු පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය ද  අනුබද්ධ කාර්ය මණ්ඩල සහ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ නියෝජනය කරන   නිලධාරී මහත්ම මහත්මීන් පිරිසක් ද  මෙම උත්සවයට සහභාගී වූහ. 








Navaratri Festival Celebrated in Sri Lanka's Parliament to Promote Religious Harmony

In a vibrant showcase of Sri Lanka's multicultural fabric, the Navaratri festival was celebrated in the parliamentary complex under the leadership of Prime Minister Dr. Harini Amarasuriya and Speaker Mahinda Yapa Abeywardena. The event took place on the 20th and aimed to highlight the spirit of coexistence among the island's diverse religious traditions.

This celebration was organized by the Sri Lankan Parliament in collaboration with the Department of Hindu Religious and Cultural Affairs, under the auspices of the Ministry of Buddhasasana, Religious and Cultural Affairs.

As the event commenced, Hindu priests engaged in traditional rituals, marking the festival's significance. The occasion was further enhanced by blessings and performances, showcasing the rich cultural heritage representative of Hinduism in Sri Lanka.

Prime Minister Dr. Harini Amarasuriya emphasized that this festival, celebrated in good spirits, serves as a blessing for the entire nation. She pointed out that fostering respect for diverse cultures can lead to a better, unified society.

Speaker Mahinda Yapa Abeywardena added his thoughts, highlighting that, according to Hindu beliefs, the blessings of Goddess Durga would help dispel negativity, while the grace of Goddess Lakshmi would bring prosperity, and the wisdom of Goddess Saraswati would aid in enhancing knowledge. He also noted the importance of organizing such celebrations without any divisions, setting a commendable example of collaboration.

Navaratri, a Hindu religious festival marked by devotion, is celebrated annually at the beginning of October. Spanning nine nights, this festival involves nightly worship dedicated to various deities. The initial three days honor Goddess Durga, who is revered for her power to overcome obstacles. The following three days are dedicated to Goddess Lakshmi, associated with wealth and prosperity. The final three nights are devoted to Goddess Saraswati, representing wisdom. Post-festival, on the tenth day, a ceremonial observance known as "Vidya Arambham" takes place, symbolizing the commencement of educational activities.

The occasion saw participation from various dignitaries, including Hindu religious leaders, Deputy Speaker Dr. Rishad Bathiudeen, Deputy Chairperson of Committees Hemali Weerasekara, Minister of Health and Media Dr. Nalinda Jayatissa, Minister of Buddhasasana and Cultural Affairs Dr. Sunil Senanayake, Minister of Fisheries and Aquatic Resources Ramalingam Chandrasekar, Deputy Minister of Irrigation and Community Infrastructure Sundaralingam Pradeep, and Opposition Chief Whip Gayantha Karunathilake, among others. They were joined by Parliamentary Secretary Kushani Rohandheera and Assistant Secretary Hans Abeyratne, as well as representatives from the parliamentary staff and security forces.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

7 Comments

  1. නපුර දුරුකරලා ලෝකය අවශ්‍ය නම් මේ තියෙන ආණ්ඩුව තමයි එළියට යන්න ඕනේ... ඒ කියන්නේ මුංවම යවන්ඩ ඕනේ කියලා උන්ට එරෙහිව උන්ම පූජාවක් කරගන්නවා

    ReplyDelete
    Replies
    1. Tikak madi wage neda? Wena deyak hariyata kiyanna igena ganin...🤣🤣🤣

      Delete
    2. මේ ඉන්නෙ රට ජාතිය ආගම වනසන කල්ලතෝනි, වෛරයෙන් සිහිය විකල් උනු දුෂ්ට හැත්ත

      Delete
    3. යක්‍ෂ රාජ වජිරපාණි මහ දෙවිඳේ අසාපන්
      සිරි සම්බුදු සසුනට කල නස්පැත්තිය බලාපන්
      චීවරයට නිගා දෙවන පරයන් බිම හෙලාපන්
      බොරුවෙන් රජ වූ එකාට නැති වෙන්නම තලාපන්
      යක්‍ෂ රාජ උත්පලවන් දෙව් රජිඳේ අසාපන්
      සිරිලක් බිම සසුන රකින යුතුකම ගැන සිතාපන්
      මිසදිටු වූ පාලකයන් බල බිඳ බිම හෙලාපන්
      සමය නසන මිසදිටු හිස් සත් කඩකට පලාපන්
      යක්‍ෂරාජ බජ්ජුන්නය දෙව් රජුනේ අසාපන්
      සසුන නසන්නට ඉඩ දෙන පාලකයා හපාපන්
      අහස පොලොව ගුගුරවමින් මහ හෙනසැර එවාපන්
      උගෙ ඇමතී මැති නිවටුන් හට හෙනසැර එවාපන්
      යක්‍ෂරාජ මහ වෙසමුණි දෙව් රජුනේ අසාපන්
      සසුන රකින්නට සැම යක් සේනාවන් දෙවාපන්
      ලක් දෙරණට සසුන නසන මිසදිටුවන් හෙලාපන්
      මිසදිටුවන් හෙලා දැහැමි පාලනයක් තනාපන්
      නීච කර්ණ අධර්මිෂ්ඨ පාලකයා අමන රජා තලාපන්
      මාස තුනෙන් මේ අදමිටු බල බිඳ දැය වඩාපන්
      පන්දහසක් සසුන රැකෙන බිම රැකවල් තනාපන්
      සැම සම්දිටු දෙවියන් මේ යුතුකම ඉටු කරාපන්

      Delete
  2. මගේ රටට දළදා සමිඳු පිහිටයි!

    ReplyDelete
    Replies
    1. Ona ekekge ona eksk uranium Bona ekata kiyanne sahajeevane..
      Sinhaloyo gahala vanda kara ganna malimawa ella gaththa unta sapada?

      Delete
  3. මුන්ට තනිකරම පිස්සු 😡🤮 සංවේග ජනක කාරණාව මේ කල්ලතෝනි මාලිමා වහන්තරාවට මුවාවෙලා පාර්ලිමේන්තු ඇවිත් අපේ රට, දැය, සමය නොයෙකුත් ආකාරයෙන් විනාශ කරන්නේ අපේම බදු මුදලින් නඩත්තු වෙමින්, ඒ බදු මුදල් නිරපරාදේ විනාශ කරමින් වීම නිසි 😡 මිත්‍යාදෘෂ්ටීන් අනුගමනය කරන එකාත්, මිත්‍යාදෘෂ්ටීන් ව්‍යාප්ත කරන එකාත් කය බිඳීමත් සමඟ හටගන්නේ අවීචි මහා නිරයේ. ඒක සනාතන දහමක්.

    "ඌරෝ කැකුණ තලන කොට හබන් කුකුළන්ට රජ මඟුල්"... 😡🤮 හොඳ - නරක තේරුම් ගන්න බැරි, දෙලොවටම නැති, කාලකණ්නි, පව්කාර, දෙලොවටම නැති කල්ලතෝනි රැළ 🤮 තොපි ඔය මාලිමාව කියන වහන්තරාවට මුවා වෙලා බලයට ආවට තොපිට නියම බහුතරයක් නැති, වැඩ බැරි කාලකණ්නි සෙට් එකක් කියලා මුළු ලෝකයම දන්නවා 😡🤮 මුන් අපේ බදු මුදලින් නඩත්තු වෙමින් අපේ රට, දැය, සමය වනසනවා තවදුරටත් බලා සිටියහොත් අපිට රටක් ඉතිරි වේදැයි සැක සහිතයි. මුන් අසාර්ථක බව පිලි අරගෙන කරන්න පුළුවන් කෙනෙකුට ඉඩදීලා පලයල්ලා කිව්වාට එහෙම යන එවුන් නෙවෙයි. මුන්ට ගහලා එලවන්න කාලය හරි 😡🤮

    ReplyDelete
Previous Post Next Post