බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකගේ සිවුර ඉවත් කිරීමේ ක්‍රියාවලිය බන්ධනාගාරයේ පවතින නීති රෙගුලාසි මත පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් තීරණය කිරීමේ පූර්ණ බලය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිද්ධිය සම්බන්ධයෙන් ද ක්‍රියා කළ යුත්තේ අදාළ ශාසනික සම්ප්‍රදායට අනුව බවයි.
භික්ෂුවක් සම්බන්ධයෙන් එවැනි තීරණයක් ගැනීමට ප්‍රථම ඒ පිළිබඳව මහානායක මාහිමිපාණන් වහන්සේලා දැනුවත් කළ යුතු බවත්, එලෙස දැනුවත් කිරීමෙන් පසු උන්වහන්සේලා විසින් දින හතක් ඇතුළත ලබා දෙන තීන්දුවට අනුව ඉදිරි සියලු කටයුතු සිදුවිය යුතු බවත් දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Authority on Monk's Disrobing Lies With Senior Clergy, Says MP Dayasiri Jayasekara
The process of disrobing a Buddhist monk cannot be conducted solely based on prison regulations, as the ultimate authority to decide on such matters rests with the High Abbot, emphasized Parliament member Dayasiri Jayasekara from the United National Front.
Speaking at a media briefing in Colombo, the Minister pointed out that actions regarding the situation of imprisoned Venerable Galagoda Aththe Gnanasara Thero should strictly adhere to the relevant ecclesiastical traditions.
He further asserted that any decision regarding a monk must first involve the notification of the senior monks. Following this, the High Abbot would provide a ruling within seven days, and all subsequent actions should unfold in accordance with that decision.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
