කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සෞඛ්‍ය තත්ත්වය තක්සේරු කර ඉදිරි වෛද්‍ය ප්‍රතිකාර තීරණය කිරීම සඳහා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් පත් කිරීමට තීරණය කර තිබේ.
ශිරන්ති රාජපක්ෂ මහත්මිය රෝහලේදී ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණයකට භාජනය කර ඇති අතර එහි ප්‍රතිඵල මත පදනම්ව ඇයට ඉදිරි ප්‍රතිකාර කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් යන්න මෙම විශේෂඥ වෛද්‍ය මණ්ඩලය විසින් නිර්දේශ කරනු ඇත.
'සිරිලිය සවිය' ගිණුමේ මූල්‍ය අක්‍රමිකතා සහ සාපරාධී වංචා සිදු කිරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පසුගිය ඔක්තෝබර් 07 වැනිදා කිරුළපන පිහිටි නිවසේදී පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට ගනු ලැබීය.
අධිකරණය මගින් ඇයව රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව, මුලින් ඇති වූ අක්ෂි රෝගී තත්ත්වයක් හේතුවෙන් ජාතික අක්ෂි රෝහලටත්, පසුව බන්ධනාගාර වෛද්‍ය නිර්දේශ මත කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයටත් ඇතුළත් කෙරිණි.
ඇය විවෘත හෘද සැත්කමකට භාජනය වීමට නියමිත බවට නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණද, ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා අනුව එවැනි සැත්කමක් පිළිබඳ මෙතෙක් නිශ්චිත නිර්දේශයක් නොමැති බව නිරීක්ෂණය කළ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
ඒ අනුව, විශේෂඥ වෛද්‍ය මණ්ඩලයේ සවිස්තර වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා, ශිරන්ති රාජපක්ෂ මහත්මිය ලබන ඔක්තෝබර් 16 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ
Medical Panel Appointed to Assess Health of Former President Shiranthi Rajapaksa
Former First Lady Shiranthi Rajapaksa is currently receiving treatment at the cardiac unit of the National Hospital in Colombo, where a specialized medical panel has been appointed to evaluate her health status. This decision aims to determine the necessary medical interventions going forward.
Shiranthi Rajapaksa has undergone an angiogram while hospitalized. Based on the results of this examination, the expert panel will recommend further treatment options.
Her legal troubles began on October 7, when she was recorded by the bribery commission, which is investigating financial irregularities and alleged fraudulent activities linked to her account 'Siriliya Sewaya'. Following her questioning at her residence in Kirulapone, she was taken into custody.
After being remanded by the court, Shiranthi Rajapaksa was initially admitted to the National Eye Hospital due to a pre-existing eye condition. Subsequently, upon medical recommendation, she was moved to the cardiac unit at the National Hospital in Colombo.
Although it was suggested that she might require open-heart surgery, no definitive recommendation regarding such a procedure has been made according to the medical reports reviewed during her court appearance. As a result, Chief Magistrate Asanga Bodaragama denied her a bail request.
The Chief Magistrate ordered that a detailed report from the specialized medical panel be submitted to the court. Shiranthi Rajapaksa is set to remain in remand until October 16, following the court's directives.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
