ඉන්දියාවෙන් ශ‍්‍රී ලංකාවට වියලි මිරිස් අපනයනය අත්හිටුවයි.. මෙරට මිරිස් මිල ඉහලට..

 


ඉන්දියාවෙන් මෙරටට වියළි මිරිස් ආනයනය කිරීම අත්හිටුවීමත් සමඟ දේශීය වෙළෙඳපොළ තුළ වියළි මිරිස් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, මේ වන විට එහි සිල්ලර මිල කිලෝග්‍රෑමයක් රුපියල් 1,300ක් තරම් ඉහළ අගයකට පත්ව ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති එස්. විනායග සුන්දරම් මහතා ප්‍රකාශ කළේය.

රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා උපුටා දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ, නියමිත ප්‍රමිතිය සපුරාලීමට අපොහොසත් වීම හේතුවෙන් ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද වියළි මිරිස් අඩංගු බහාලුම් 100කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකා රේගුව මඟින් මේ වන විට රඳවාගෙන ඇති බවයි.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ ආහාර පරීක්ෂකවරුන් විසින් සිදුකරන ලද රසායනාගාර සාම්පල පරීක්ෂාවලදී මෙම වියළි මිරිස් තොග මෙරට පරිභෝජනය සඳහා නියමිත තත්ත්ව ප්‍රමිතීන් සපුරා නොමැති බව තහවුරු වී ඇති හෙයින්, ඒවා කිසිසේත්ම දේශීය වෙළෙඳපොළට මුදානොහැරීමට තීරණය කර තිබේ. ඒ අනුව අදාළ නුසුදුසු තොග නැවත ප්‍රතිඅපනයනය කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සංවිධානය කරමින් පවතී.

මෙම තත්ත්වය හමුවේ ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ වෙළෙඳ සහ අපනයන සංගම් ශ්‍රී ලංකාව වෙත වියළි මිරිස් අපනයනය කිරීම අත්හිටුවා ඇති බවත්, එමඟින් දේශීය වෙළෙඳපොළ තුළ ඇතිවූ සැපයුම් හිඟය හේතුවෙන් මිල මෙලෙස සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් විනායග සුන්දරම් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මීට අමතරව, කලාපයේ පවතින එල්-නිනෝ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අස්වැන්න පහත වැටීම නිසා ආනයනික අර්තාපල් සහ ලොකු ළූණු මිලද 10%කින් පමණ ඉහළ ගොස් ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.





Spike in Dry Chili Prices Following Import Suspension from India

The recent suspension of dry chili imports from India has triggered a rapid surge in prices within Sri Lanka's local market. Currently, the retail price of dry chili has soared to approximately 1,300 Sri Lankan Rupees per kilogram, according to S. Vinayaga Sundaram, President of the Importers and Traders Association of Essential Foodstuffs.

Chandana Punchihewa, a spokesperson for the Sri Lanka Customs, has highlighted that over 100 containers of dry chili from India are currently held by the Sri Lankan Customs due to non-compliance with established quality standards.

The Sri Lanka Standards Institution and food inspectors confirmed through laboratory testing that these batches of dry chilies did not meet the required quality benchmarks for local consumption, leading to the decision to withhold them from the local market. As a result, steps are being organized to re-export the unsuitable batches back to their country of origin.

Further complicating matters, leading trade and export associations in India have also halted dry chili exports to Sri Lanka. This suspension, coupled with the resulting supply deficit in the local market, has contributed significantly to the sharp rise in prices, Sundaram pointed out.

Additionally, he noted that adverse weather conditions, including the ongoing El Niño phenomenon affecting the region, have caused a decline in outputs, leading to a 10% increase in the prices of imported potatoes and large onions as well.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post