දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා විසින් සිදු කරන පෂ්චාත් මරණ පරික්ෂණයෙන් පසු මෘත ශරීරාගාරයේ ඇතැම් සේවකයින් විසින් මුදල් අය කර එම දේහය එම්බාම් කර මල්ශාලාවෙන් සිදු කැන කාර්යයන් සම්පූර්ණයෙන්ම සිදු කරන ජාවාරමක දර්ශන එම ජාවාරමට විරුද්ධ පිරිසක් විසින් ජංගම දුරකථනයෙන් පටිගත කර මාධ්‍යට නිකුත් කර ඇත.
දික්ඔය මූලික රෝහලේදි නේවාසිතව ප්‍රතිකාර ලබා මිය යන සහ ප්‍රදේශයේ සිදු වන සියදිවි හානි කර ගැනීම්, හදිසි අනතුරුවලින් මිය යන අයගේ සිරුර පෂ්චාත් මරණ පරික්ෂණය සදහා අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරිමෙන් පසු එහි සේවකයන් විසින් පෂ්චාත් මරණ පරික්ෂණය සිදු කර සිරුර මෘත ශරීරාගාරය වෙත යොමු කිරිමෙන් පසු එම දේහය අයිතිකරුවන් සමග සාකච්ඡා කර මල්ශාලාවේ අය කරන මුදලට අඩුවෙන් සිරුර එම්බාම් කර සිරුර ලස්සනට සකසා ලබා දෙන බවට පොරොන්දු වි දේහය තැම්පත් කිරිමට ඇදුම් සහ පෙට්ටිය පමණක් රැගෙන එන ලෙස එම සේවකයින් විසින් ඥාතීන්ට පවසන බවයි එයට විරුද්ධ පිරිස් කියා සිටින්නේ.
දේහයක් නැවත ඥාතීන්ට භාර දිමේදි නිකුත් කර ඇති චක්‍ර ලේඛණවලට පටහැනිව දික්ඔය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ ඇතැම් සේවකයින් විසින් සිදු කරන මෙම ජාවාරම සම්බන්ධයෙන් අප දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය උපුලි බණ්ඩාර මහත්මියගෙන් අප කල විමසුමකට ඇය කියා සිටියේ, තමන් යටතේ පවතින මෘත ශරීරාගාරයේ ඇතැම් සේවකයින් එවැනි නීති විරෝධි ක්‍රියාවක් සිදු කරන්නේ නම් ඒ පිලිබදව විමර්ෂණයක් සිදු කිරිමට සාක්ෂි සහිතව ලිඛිතව ඒ පිලිබදව මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක, නුවරඑළිය දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂක, රෝහල් අධ්‍යක්ෂක සහ තමන් වෙත ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නේ නම් ඒ පිලිබදව විමර්ෂණයක් සිදු කල හැකි බවයි.
තමන් දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා ලෙස වැඩ භාර ගෙන දින කිහිපයක් වන බවත්, තමන් යටතේ සිටින එම සේවකයින් එවැනි නීති විරෝධි ක්‍රියාවක් සිදු කරන්නේ නම් එය නිකුත් කර ඇති රජයේ චක්‍ර ලේකණවලට පටහැනි බවයි.
රංජිත් රාජපක්ෂ
Grave Misconduct Uncovered at Dickoya Hospital's Morgue
A disturbing trend has come to light at the Dickoya Base Hospital, where some staff members have allegedly been involved in a scheme to charge families for embalming bodies following post-mortem examinations conducted by the hospital's forensic physician. The malpractice was captured on video by a group of concerned individuals using a mobile phone and subsequently shared with the media.
The controversy revolves around the handling of bodies of deceased individuals who succumbed to suicide or fatal accidents in the area. Bodies are sent for post-mortem examinations before being forwarded to the morgue, where certain staff members reportedly negotiate lower prices for embalming services than those typically charged by funeral homes. Families are reportedly instructed to arrive only with clothing and a casket, while the staff take charge of the embalming process.
In response to these allegations, Dr. Upuli Bandara, the forensic physician at Dickoya Base Hospital, acknowledged the issue during an interview. She confirmed that if concrete evidence is presented through formal complaints to relevant authorities—including the Regional Director of Health Services, the District Deputy Director of Health, and the Hospital Director—an investigation could be initiated into the misconduct occurring at the morgue.
Dr. Bandara, who recently assumed her role at the hospital, emphasized that any illegal activities carried out by her subordinate staff would be thoroughly investigated, especially if they breach the government regulations outlined in the official records for releasing bodies.
This situation raises serious concerns about ethical practices within medical professions, particularly in handling sensitive matters like the deceased, highlighting the need for stringent oversight in Sri Lanka’s healthcare system.
Reported by Ranjith Rajapaksha
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
