හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට සිදුකරන ලද මූලික හෘද සැත්කම සාර්ථකව අවසන් වූ බව ඇයගේ පවුලේ ආරංචි පවසයි.
රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතරතුර ඇතිවූ හදිසි සෞඛ්‍ය සංකූලතාවක් හේතුවෙන් වෛද්‍යවරුන් විසින් මෙම හදිසි සැත්කම සිදු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, ඇයගේ හෘදයේ පවතින අවහිරතා සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කිරීම උදෙසා ඉදිරියේදී තවත් විවෘත හදවත් සැත්කමක් සිදු කිරීමට නියමිත බවද පවුලේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.
‘සිරිලිය සවිය’ පදනම හරහා රිජ්වේ ආර්යා ළමා රෝහලට සීටී (CT) ස්කෑනර් යන්ත්‍රයක් ලබාගැනීම සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් රුපියල් මිලියන 10ක මුදලක් ලබාගෙන සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට එල්ල වූ චෝදනාවකට අදාළව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මඟින් ශිරන්ති රාජපක්ෂ මහත්මිය පසුගියදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.
එලෙස බන්ධනාගාර භාරයේ පසුවෙද්දී ඇයට ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කෙරුණු අතර, එහිදී සිදුකළ වෛද්‍ය පරීක්ෂණවලදී අනාවරණය වූයේ ඇයගේ හෘදයට රුධිරය සපයන ප්‍රධාන ධමනිවල අවහිරතා පවතින බැවින් හදිසි බයිපාස් සැත්කමක් සිදුකළ යුතු බවයි.
අනතුරුව කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂවරයා විසින් බන්ධනාගාර බලධාරීන් හරහා අධිකරණයට ඉදිරිපත් කළ විශේෂ වෛද්‍ය වාර්තාවක් සැලකිල්ලට ගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, ඇයගේ සෞඛ්‍ය තත්ත්වය සුවිශේෂී කරුණක් ලෙස සලකා දැඩි කොන්දේසි සහිතව ඇප මත මුදාහැරීමට නියෝග කළේය.
එලෙස ඇප ලැබීමෙන් පසු ඇය වැඩිදුර විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්ව සිටියදී මෙම මූලික සැත්කමට මුහුණ දී තිබේ
Former President Shiranthi Rajapaksa Undergoes Successful Heart Surgery
Shiranthi Rajapaksa, the former First Lady of Sri Lanka, has successfully completed a preliminary heart surgery at a private hospital in Colombo, as confirmed by family sources. This operation was reportedly necessitated by an urgent health crisis that arose during her hospitalization.
The medical team acted swiftly to address the complications that developed, stressing the need for immediate intervention. However, her family noted that a further open-heart surgery is planned in the future to fully restore her heart's functionality.
Meanwhile, Rajapaksa was recently embroiled in controversy surrounding allegations of corruption linked to a significant financial deal involving a CT scanner for a children's hospital. The transaction, secured through a grant of 10 million rupees from the National Savings Bank via the "Sirilaya Saviya" foundation, led to her arrest by the Commission to Investigate Allegations of Bribery or Corruption, resulting in her detention.
Following her incarceration, Rajapaksa suffered a cardiac incident, prompting her transfer to the cardiac unit of the Colombo National Hospital. Medical examinations revealed blockages in the primary arteries supplying blood to her heart, necessitating an emergency bypass surgery.
After a special medical report was submitted by the hospital director to the courts through prison authorities, the Chief Magistrate of Colombo ruled that her serious health condition warranted her release on bail, albeit under strict conditions.
Upon receiving bail, Shiranthi Rajapaksa has been admitted to a private hospital in Colombo for continued specialist care, where she has now undergone the initial surgical procedure.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

budusaranin ikman suwaya labewa...
ReplyDeleteපපුව දෙකට පලලා තමයි open heart surgery කරන්නෙ.
Delete