හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රකිත රාජපක්ෂ මහතාට අයත් බැංකු ගිණුම් කිහිපයක් අත්හිටුවීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
අල්ලස් කොමිසම මඟින් දැනට ක්‍රියාත්මක කරනු ලබන විශේෂ විමර්ශනයකට අදාළව, අපරාධයකින් උපයාගත් වත්කම් පිළිබඳ නෛතික ප්‍රතිපාදන ප්‍රකාරව මෙම ගිණුම් අත්හිටුවීම සිදුකර ඇති බව වාර්තා වේ.
ගිණුම් අත්හිටුවීමට අදාළ නිල අධිකරණ නියෝගය සහ නොතීසිය ඔහු වෙත භාරදීම සඳහා අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (28) නාවල පිහිටි ඒ මහතාගේ නිවස වෙත ගොස් ඇත.
කෙසේවෙතත්, නිලධාරීන් එම ස්ථානයට යන අවස්ථාවේදී රකිත රාජපක්ෂ මහතා නිවසේ රැඳී සිට නොමැති බව සඳහන් වේ.
Commission Freezes Bank Accounts Linked to Former Minister's Son Amid Corruption Probe
The Commission to Investigate Allegations of Bribery or Corruption has taken action to freeze several bank accounts belonging to Rakitha Rajapaksa, son of former Minister of Justice Wijeyadasa Rajapakshe. This decision comes in the wake of an ongoing investigation into allegations surrounding bribery and corruption.
Sources indicate that the freezing of these accounts is in accordance with legal provisions concerning assets obtained through criminal activities, as the commission continues its special inquiry into the matter.
A team of investigation officials from the commission visited Rakitha Rajapaksa's residence in Nawala on October 28 to deliver the official court order and accompanying documents related to the account freezes.
However, authorities were unable to make contact with Rakitha Rajapaksa, as he was reportedly not present at the residence during their visit.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
