රඛිත රාජපක්‍ෂ ඇප කැන්සල් කර යලිත් වැලිකඩ දාන්නැයි උසාවි නියෝග ඉල්ලයි...


 බන්ධනාගාරගතව පසුවන සංවිධානාත්මක අපරාධකරුවෙකුට පහසුකම් සලසා දීම වෙනුවෙන් ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ සිද්ධියට අදාළව, නීතිඥ රඛිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් තිදෙනාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් ඇප අවලංගු කර ඔවුන් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති ප්‍රතිශෝධන අයැදුම්පත් විභාගය ලබන වසරේ පෙබරවාරි මස 09 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද (31) නියෝග කළේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබූ ප්‍රතිශෝධන අයැදුම්පත් තුනක් අද දින කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර රණසිංහ මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.

මෙම පෙත්සම් කැඳවූ අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර නීති අධ්‍යක්ෂිකා අනුෂා සම්බන්දප්පෙරුම මහත්මිය අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේ, අදාළ පෙත්සම් මගින් ඉල්ලා තිබූ අතුරු තහනම් නියෝග සම්බන්ධයෙන් අද දින ඉල්ලීමක් ඉදිරිපත් නොකරන බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා, පෙත්සමට අදාළව වගඋත්තරකාර පාර්ශ්වයේ විරෝධතා ඇත්නම් ඒවා ලබන නොවැම්බර් මස 14 වැනිදා ගොනු කරන ලෙසත්, ඊට අදාළ පෙත්සම්කාර පාර්ශ්වයේ ප්‍රතිවිරෝධතා නොවැම්බර් මස 28 වැනිදා ගොනු කරන ලෙසත් නියෝග කළේය.

ඒ අනුව, සියලු විරෝධතා ගොනු කිරීමෙන් අනතුරුව අදාළ ප්‍රතිශෝධන පෙත්සම් ත්‍රිත්වය විභාගයට ගැනීම ලබන 2027 පෙබරවාරි මස 09 වැනිදා සිදුකිරීමට දින නියම විය.





High-Profile Bribery Case Adjourned Yet Again by Colombo High Court

The Colombo High Court has scheduled a hearing for February 9, 2024, regarding the appeals filed for the revocation of bail granted to three suspects, including attorney Rakhitha Rajapaksha, who are implicated in a bribery case involving Rs. 120 million intended to facilitate the release of an organized crime figure.

This decision, made by Judge Lal Bandara Ranasinghe, follows the submission of three appeals by the Commission to Investigate Allegations of Bribery or Corruption. The court addressed the matter today during a session where the commission's representative, Deputy Legal Director Anusha Sambandaperuma, indicated that no application would be made concerning the interim injunction originally requested.

Upon evaluating the presented arguments, the judge directed that any counter-objections from the opposing parties be submitted by November 14, while responses from the petitioners should be filed by November 28.

Consequently, the High Court has set a date for examining the trio of appeals for February 9, 2027, once all objections have been duly filed.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post