වරුණි බෝගහවත්තගෙන් CID ප‍්‍රශ්ණ කරයි.. Vezal රථය අත්අඩංගුවට..


 මාතර විවිධ සේවා සමුපකාර සමිතියක සිදුවූ බව කියන මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතාවකට අදාළව, මාතර කොටවිල පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂිකා වරුණි බෝගහවත්ත මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

එම ප්‍රශ්න කිරීමෙන් අනතුරුව, ඇය විසින් පරිහරණය කරන ලද Vezal මෝටර් රථයද රහස් පොලිස් නිලධාරීන් භාරයට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් ක්‍රියාත්මක කරන පරීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ, මාතර ප්‍රදේශයේ විවිධ සේවා සමුපකාර සමිතියක හිටපු සභාපතිවරයෙකු විසින් එම සමුපකාර සමිතිය සතු මහජන මුදල් අවභාවිත කරමින් මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂිකාවගේ මෝටර් රථයට අදාළ මාසික ලීසිං වාරික මුදල් ගෙවා ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ ඇය ප්‍රකාශ කර ඇත්තේ, අදාළ හිටපු සමුපකාර සභාපතිවරයා තමන් පාසල් යන සමයේ සිටම ඉතා ළඟින් ඇසුරු කළ පැරණි පාසල් මිතුරෙකු බවයි.

මෙම මෝටර් රථය පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත්තේ, අදාළ විවිධ සේවා සමුපකාර සමිතිය තුළ සිදුව ඇතැයි පැවසෙන රුපියල් කෝටි දහයකට (රුපියල් මිලියන 100කට) ආසන්න මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් රහස් පොලිසිය සිදුකළ දීර්ඝ විමර්ශනයකදීය. එම මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් අදාළ හිටපු සභාපතිවරයා මීට පෙර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

එම සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම් සහ මූල්‍ය වාර්තා පරීක්ෂා කිරීමේදී සමුපකාර අරමුදල්වලින් මෙම පොලිස් නිලධාරිනියගේ මෝටර් රථ ලීසිං වාරික ගෙවා ඇති බවට තොරතුරු අනාවරණය වීමත් සමඟ ඇයගෙන් මෙලෙස ප්‍රකාශ ලබාගෙන වාහනය අත්අඩංගුවට ගෙන ඇත.





Police Officer Questioned Over Allegations of Financial Misappropriation

A significant investigation into financial irregularities involving a service cooperative in Matara has led to the questioning of Senior Police Investigator Waruni Bogahawatta. The officer, who serves as a station chief in the Matara Kotawila Police, was interrogated by the Criminal Investigation Department (CID) for nearly two hours as part of the ongoing inquiry.

Following this interrogation, the police seized the Vezal vehicle used by Bogahawatta, further intensifying the scrutiny surrounding her.

The investigation, conducted by the CID's Financial Crimes Division, revealed that a former chairman of the cooperative had allegedly misappropriated public funds, using them to cover monthly leasing payments for the investigator's vehicle. This financial misconduct is linked to a scheme involving approximately 100 million Sri Lankan Rupees.

During the questioning, Bogahawatta disclosed that the former cooperative chairman is a close acquaintance from her school days, raising further questions about the nature of their relationship.

The information regarding the vehicle surfaced during an extensive probe by the CID, focusing on the financial irregularities reported within the cooperative. The former chairman had previously been arrested for similar offenses and presented to court by the Financial Crimes Division.

As the investigation continues, further inquiries into the financial records have indicated that cooperative funds were indeed used to pay for the police officer's vehicle leasing fees. Consequently, the vehicle has been impounded following the revelations from Bogahawatta's statements.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post