ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ අකුණු සන්නායක පද්ධතියට අයත් තඹ පටි මීටර් 2,199ක් සොරකම් කිරීමෙන් රුපියල් 8,442,091ක අලාභයක් සිදුව ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (COPE) අනාවරණය විය.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් 2023 සහ 2024 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ විශ්වවිද්‍යාලයේ වර්තමාන කාර්යසාධනය හා මෙහෙයුම් කටයුතු පරීක්ෂා කිරීම සඳහා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය කැඳවා තිබිණි.
2022 සහ 2023 වර්ෂවලදී සිදුව ඇති තඹ පටි සොරකම සම්බන්ධයෙන් සිවිල් කොන්ත්‍රාත් සේවකයෙකු සහ නාවික හමුදා සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බව මෙහිදී අනාවරණය විය. කෙසේ වෙතත්, සොරකම් කළ තඹ පටිවල මුළු ප්‍රමාණය සහ පොලිසිය විසින් සොයාගත් ප්‍රමාණය අතර පවතින වෙනස්කම් මෙන්ම, නඩු භාණ්ඩ සම්බන්ධ වාර්තාවල සඳහන් මිනුම් අතර පවතින පරස්පරතා පිළිබඳව කාරක සභාව විසින් කරුණු විමසන ලදී.
එමෙන්ම, රෝහලේ දේපළ කළමනාකරණය හා අභ්‍යන්තර පාලන ක්‍රමවේදවල පවතින දුර්වලතා ද පිළිබඳව ද කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. රෝහල ආරම්භයේ සිටම දේපළ සහ ඒවායේ ප්‍රමාණ පිළිබඳ නිසි ලේඛන පවත්වාගෙන නොතිබීම, විදුලි හා අකුණු සන්නායක පද්ධති සම්බන්ධ වගකීම් නිසි පරිදි නිලධාරීන් වෙත භාර නොදීම සහ නියමිත නඩත්තු පරීක්ෂණ සිදු නොකිරීම යන කරුණු පිළිබඳව කාරක සභාව අවධානය යොමු කළේය. සොරකමෙන් පසු අකුණු සන්නායක පද්ධතිය යළි සකස් කිරීමේදී තඹ වෙනුවට ඇලුමිනියම් කම්බි භාවිත කිරීම සම්බන්ධයෙන් ද කාරක සභාව ප්‍රශ්න කළ අතර, එමඟින් පද්ධතියේ තාක්ෂණික ප්රමිතීන් හා ආරක්ෂාව නිසි පරිදි තහවුරු කර තිබේද යන්න පිළිබඳව කරුණු විමසීය.
ඇඳන් 800කට අධික ධාරිතාවකින් යුත් රෝහලේ ඇතැම් වාට්ටු, ශල්‍යාගාර සහ දැඩි සත්කාර ඒකක පූර්ණ වශයෙන් භාවිතයට නොගැනීම මෙන්ම, වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල හිඟය හේතුවෙන් රෝහල් සේවා පවත්වාගෙන යාමේදී මතුව ඇති ගැටලු පිළිබඳව කාරක සභාව දීර්ඝ ලෙස කරුණු විමසීය. රෝහල තුළ දිගින් දිගටම මතුවන ගැටලු නිරාකරණය කරගැනීම සඳහා එය රජයේ රෝහල් ආකෘතිය යටතේ පවත්වාගෙන යන්නේද, නැතහොත් පෞද්ගලික රෝහල් ආකෘතියකට අනුව පවත්වාගෙන යන්නේද යන්න කඩිනමින් තීරණය කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කාරක සභාව පරිපාලන නිලධාරීන්ට උපදෙස් ලබා දුන් අතර එසේ පැහැදිලි තීරණයකට එළඹ අවශ්‍ය ක්‍රියාමාර්ග නොගතහොත් රෝහල තුළ පවතින ගැටලු තවදුරටත් උග්‍ර විය හැකි බව ද කාරක සභාව අවධාරණය කරන ලදී.
රෝහල ඉදිකිරීම සඳහා ලබාගත් විදේශීය ණය ආපසු ගෙවීමේදී මතුව ඇති ගැටලු, ශ්‍රවණාගාර ඉදිකිරීම් ව්‍යාපෘතියේ දිගුකාලීන ප්‍රමාදය සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අනුබද්ධ CUE Technologies Lanka (Pvt) Ltd සමාගමේ මූල්‍ය හා පරිපාලන පාලනය සම්බන්ධ විගණන නිරීක්ෂණ පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය.
විශ්වවිද්‍යාලයේ පාලන ව්‍යුහය වඩාත් විධිමත් කිරීම සහ හඳුනාගෙන ඇති පාලන හා පරිපාලන ගැටලු සඳහා විසඳුම් ලබා දීම වෙනුවෙන් දැනට පවතින විශ්වවිද්‍යාල පනත කඩිනමින් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ද කාරක සභාවේදී අවධාරණය කෙරිණි. මීට පෙර හඳුනාගෙන ඇති අඩුපාඩු සැලකිල්ලට ගනිමින් පනත සංශෝධනය කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවත්, ඒ සඳහා අදාළ නීතිමය හා පරිපාලන කටයුතු කඩිනම් කිරීමේ වැදගත්කමත් මෙහිදී පෙන්වා දෙන ලදී.
රෝහලේ මෙහෙයුම් ධාරිතාව ඉහළ නැංවීම, කාර්ය මණ්ඩල හිඟයට විසඳුම් ලබා දීම, ඖෂධ කළමනාකරණය විධිමත් කිරීම සහ විශ්වවිද්‍යාලයේ මූල්‍ය හා පරිපාලන පාලන ක්‍රමවේද ශක්තිමත් කිරීම මඟින් රාජ්‍ය සම්පත් වඩාත් ඵලදායීව භාවිත කිරීමේ වැදගත්කම ද කාරක සභා සභාවතිවරයා මෙහිදී අවධාරණය කළේය.
මේ රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර,මුජිබුර් රහුමාන්, නීතිඥ නිලන්ති කොට්ටහච්චි ,සමන්මලී ගුණසිංහ ,වෛද්‍ය එස්. ශ්‍රී බවානන්දරාජා, ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග, ජගත් මනුවණ , සුනිල් රාජපක්ෂ , අසිත නිරෝෂණ එගොඩ විතාන ,තිළිණ සමරකෝන්, චන්දිම හෙට්ටිආරච්චි ,දිනේෂ් හේමන්ත යන මහත්ම මහත්මීන් මෙන්ම, ත්‍රිවිධ හමුදා පතිවරුන් ඇතුළු ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
Major Embezzlement Exposed at KDU Hospital Amid Governance Concerns
An alarming report from the Committee on Public Enterprises (COPE) has revealed that a staggering loss of Rs. 8,442,091 was incurred due to the theft of 2,199 copper strips from the lightning protection system of the General Sir John Kotelawala Defence University Hospital. This revelation came during a parliamentary session chaired by Honorable MP Dr. Nishanth Samaraweera, who scrutinized the financial statements for 2023 and 2024 and the institution's current operational effectiveness.
During the investigation into the copper strip theft, law enforcement has apprehended a civil contractor and a member of the Navy, presenting them before the courts. However, discrepancies remain between the total amount reported stolen and the quantities recovered by police. The committee expressed concerns over variations noted in the documentation of the court evidence.
Discussions also covered the existing weaknesses within the hospital's asset management and internal control systems. The committee highlighted issues including a lack of proper documentation regarding assets and their quantities since the hospital's inception, inadequate delegation of responsibilities related to electrical and lightning protection systems, and the failure to conduct regular maintenance checks. Additionally, questions were raised about the replacement of copper cables with aluminum during repairs after the theft, prompting concerns about whether the technical standards and safety of the system had been appropriately verified.
With over 800 beds, the hospital faces operational challenges, including an underutilization of certain wards, operating theaters, and intensive care units, exacerbated by a shortage of medical personnel. The committee conducted an extensive inquiry about the ongoing issues within the hospital, urging administrators to quickly decide on whether to continue operations under a government hospital model or shift to a private hospital framework. The committee warned that failure to arrive at a conclusive decision could further escalate the existing problems.
Other pressing matters discussed included challenges related to repaying foreign loans for the hospital’s construction, ongoing delays with the auditorium project, and issues surrounding the financial and administrative management of CUE Technologies Lanka (Pvt) Ltd, affiliated with the university.
Recognizing the need to enhance the university's governance model, the committee emphasized the urgency of amending the existing university act to address identified administrative and management issues. Guidance has been provided to initiate the amendment process, underscoring the importance of expediting the related legal and administrative procedures.
The committee chairman reinforced the necessity of improving the hospital's operational capacity, resolving staff shortages, streamlining medication management, and strengthening financial and administrative controls in order to utilize state resources more efficiently.
This significant meeting saw the participation of MPs, including Attorney-at-Law Dayasiri Jayasekara, Mujibur Rahuman, Attorney-at-Law Nilanthi Kottahachchi, Dr. S. Sri Bawanandara, retired Lieutenant Commander Pragith Madhuranga, Jagath Manowana, Sunil Rajapakse, Asitha Niroshan Egodawithana, Thilina Samarakon, Chandima Hettiarachchi, and Dinesh Hemanta, along with several officials from the General Sir John Kotelawala Defence University.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
