බිලියන බාගයක මත්ද‍්‍රව්‍ය එක්ක ඉංජිනේරුවෙක් ගුවන් තොටේදී අල්ලයි..


 ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින් 2026 ඔක්තෝබර් 28 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී (BIA) සිදුකළ පරීක්ෂාවකදී, රුපියල් මිලියන 454ක ඇස්තමේන්තුගත වෙළෙඳපොළ වටිනාකමකින් යුත් කොකේන් සහ එක්ස්ටසි (Ecstasy) මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 46 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකු රේගු භාරයට ගෙන ඇත.

වෘත්තියෙන් ඉංජිනේරුවෙකු වන මෙම මගියා, කටාර් ගුවන් සේවයට අයත් QR 654 දරන ගුවන් යානයෙන් පැරිස් නුවර සිට දෝහා හරහා මෙරටට පැමිණ තිබේ. ගුවන්තොටුපළේදී සිදුකළ වැඩිදුර පරීක්ෂාව සඳහා ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මෙම මගියා රඳවා ගෙන ඇත.

මගියාගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී සැකකටයුතු ද්‍රව්‍ය සොයාගෙන ඇති අතර, වැඩිදුර පරීක්ෂාවේදී ඒවා කොකේන් සහ එක්ස්ටසි මත්ද්‍රව්‍ය බවට හඳුනාගෙන තිබේ.

ඒ අනුව, අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයට කොකේන් ග්‍රෑම් 5,121ක් ඇතුළත් වන අතර, එහි ඇස්තමේන්තුගත වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 256කි. 

තවද, ග්‍රෑම් 13,173ක බරින් යුත් එක්ස්ටසි මත්ද්‍රව්‍ය තොගයක්ද සොයාගෙන ඇති අතර, එය පෙති 23,000කට ආසන්න ප්‍රමාණයකට සමාන වේ. එම එක්ස්ටසි මත්ද්‍රව්‍ය තොගයේ ඇස්තමේන්තුගත වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 198කි.

ඒ අනුව, අත්අඩංගුවට ගත් සමස්ත මත්ද්‍රව්‍ය තොගයේ ඇස්තමේන්තුගත වෙළෙඳපොළ වටිනාකම රුපියල් 454,000,000ක් (මිලියන 454ක්) වේ.

සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව විසින් මූලික විමර්ශන සිදුකරනු ලබන අතර, ඉදිරි විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා සැකකරු, අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සහ අනෙකුත් අදාළ නඩු භාණ්ඩ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය (PNB) වෙත භාරදීමට නියමිතය.





Indian National Arrested with Cocaine and Ecstasy Worth Rs. 454 Million at BIA

On October 28, officials from Sri Lanka’s National Drug Control Unit (NCU) apprehended a 46-year-old Indian national at Bandaranaike International Airport, who was carrying a substantial quantity of cocaine and ecstasy estimated to have a market value of Rs. 454 million.

The individual, a professional engineer, arrived on Qatar Airways flight QR 654 from Paris, transiting through Doha. He was intercepted by NCU officials for further examination upon his arrival at the airport.

During the inspection of the passenger's luggage, suspicious substances were discovered, which were later confirmed to be cocaine and ecstasy.

The seized drugs included 5,121 grams of cocaine, carrying an estimated market value of Rs. 256 million.

In addition, officials found approximately 13,173 grams of ecstasy, roughly equivalent to 23,000 tablets, which have an estimated market value of Rs. 198 million.

Consequently, the total market value of the confiscated drugs amounts to Rs. 454 million.

The Sri Lanka Customs is currently conducting preliminary investigations into the incident. Following the initial inquiries, the suspect, along with the seized drugs and related case evidence, will be handed over to the Police Narcotics Bureau (PNB) for further investigation and legal action.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post