රට හමුවේ ඇති ප්‍රධාන අර්බුද ජයගැනීම සඳහා සමස්ත විපක්ෂය ඒකාබද්ධ කරගත් පොදු වැඩපිළිවෙළක් නිර්මාණය කිරීමට පක්ෂ නායකත්වය අපොහොසත් වීම සහ පළාත් සභාවලට පොලිස් හා ඉඩම් බලතල ලබා දීම සම්බන්ධයෙන් ගෙන ඇති ඒකපාර්ශ්වික ස්ථාවරය මුල් කරගනිමින් සමගි ජන බලවේගය තුළ බරපතළ මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇතැයි වාර්තා වේ.
එම වාර්තාවට අනුව, රටේ පවතින ගැටලු සම්බන්ධයෙන් විපක්ෂයේ සියලු දේශපාලන කණ්ඩායම් එක් කරගත් පුළුල් පොදු පෙරමුණක් සහිතව කටයුතු කළ යුතු යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් පක්ෂ නායකත්වයෙන් දිගින් දිගටම ඉල්ලා ඇත.
එහෙත් එම සාධාරණ ඉල්ලීමට පක්ෂ නායකත්වයෙන් කිසිදු ධනාත්මක හෝ සාධනීය ප්‍රතිචාරයක් නොලැබීම මන්ත්‍රීවරුන්ගේ දැඩි කලකිරීමට හේතු වී ඇතැයි පැවසේ.
පක්ෂ නායකත්වයේ මෙම උදාසීන පිළිවෙත කෙරෙහි දැඩි ලෙස කලකිරීමට පත් වූ සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ නායකයකු මෙන්ම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන අශෝක අබේසිංහ මහතා, පසුගියදා එම පක්ෂයේ තමන් දැරූ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වීමට පියවර ගත්තේ ද මෙම මතභේදයේ ප්‍රතිඵලයක් වශයෙනි.
මේ අතර, පළාත් සභාවලට පොලිස් සහ ඉඩම් බලතල ලබා දිය යුතු බවට පක්ෂ නායකත්වය විසින් මෑතකදී ප්‍රසිද්ධියේ කරන ලද ප්‍රකාශය ද පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් තවදුරටත් උග්‍ර කිරීමට හේතු වී තිබේ. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මෙතරම් සංවේදී ප්‍රතිපත්තිමය තීරණයක් ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථමයෙන්, ඒ පිළිබඳව පක්ෂයේ කාරක සභාව, කෘත්‍යාධිකාරී මණ්ඩලය හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සමඟ කිසිදු පූර්ව සාකච්ඡාවක් පවත්වා නොමැති බවට මන්ත්‍රීවරු නායකත්වයට දැඩිව චෝදනා කරති.
එමෙන්ම ජාතික ගැටලු හමුවේ පක්ෂය මීට වඩා සක්‍රීයව සහ වගකීම් සහගතව මැදිහත් විය යුතු බවට ද මන්ත්‍රීවරුන් පිරිසක් පක්ෂ නායකත්වයට මෑතකදී පෙන්වා දී ඇත.
Internal Strife Erupts Within Samagi Jana Balawegaya as Leadership Faces Criticism
A significant rift has emerged within the Samagi Jana Balawegaya (SJB) party amid ongoing discussions about uniting the opposition to overcome the country’s major crises. Concerns have escalated regarding the leadership's failure to galvanize a comprehensive strategy and the controversial decision to delegate police and land powers to local councils.
According to reports, a group of SJB parliamentarians is urging the party leadership to facilitate a broader coalition involving all political factions to tackle the pressing national issues effectively. They contend that a united front is essential for meaningful progress.
However, frustration is palpable among the parliamentarians, who feel their calls for a fair approach have gone unanswered by the leadership. This lack of positive or constructive response has fueled their dissatisfaction.
As a notable sign of dissent, Ashoka Abeysinghe, a senior leader and former deputy minister of the SJB, recently resigned from all positions within the party. His departure is considered a direct consequence of the escalating internal divisions.
Moreover, the leadership's recent statement advocating for granting police and land authority to local councils has further intensified the party’s internal conflicts. Parliamentarians have expressed grave concern that such a sensitive policy decision regarding the country’s constitutional and national security matters was made without prior consultation with the party's executive committee, governing board, or parliamentarians.
Many legislators have also highlighted the necessity for the party to adopt a more active and responsible role in addressing national issues, urging the leadership to take immediate and effective action.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
