ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට මගීන් සහ කාර්ය මණ්ඩලය 273 දෙනෙකු රැගෙන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟාවෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක භාණ්ඩ ගබඩා මැදිරියේ හටගත් හදිසි දුමාරයක් හේතුවෙන් එම යානය හදිසි තත්ත්වයක් යටතේ ආරක්ෂිතව ගොඩබස්වා තිබේ.
මෙලෙස හදිසි ගොඩබෑමකට ලක්ව ඇත්තේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ඒ-330 එයාර්බස් වර්ගයේ පුළුල් බඳ සහිත යූ.එල්. 605 දරන මගී ගුවන් යානයයි. අනතුර සිදුවන අවස්ථාවේදී යානය තුළ ගුවන් මගීන් 258 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකු සිටි බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා තහවුරු කළේය.
ගුවන් යානය කටුනායක ගුවන්තොටුපළ වෙත ගොඩබෑමට මිනිත්තු 15 කට පමණ පෙර, එහි භාණ්ඩ තැන්පත් කර තිබූ පහළ මාලයේ මැදිරියෙන් හදිසියේම දුමාරයක් පිටවන බව නිරීක්ෂණය වී තිබේ.
ඒ සමඟම ක්‍රියාත්මක වූ ගුවන් නියමුවා කටුනායක ගුවන්තොටුපළ මෙහෙයුම් පාලක මැදිරිය වෙත හදිසි පණිවිඩයක් නිකුත් කරමින් ආරක්ෂිතව ගොඩබෑම සඳහා අවසර ඉල්ලා ඇත.
මෙම හදිසි දැනුම්දීමත් සමඟ ක්ෂණිකව ක්‍රියාත්මක වූ ගුවන්තොටුපළ බලධාරීන්, පූර්ණ හදිසි ආපදා සූදානමක් ප්‍රකාශයට පත් කරමින් ගිනි නිවන රථ, විශේෂඥ වෛද්‍යවරුන්, හෙදියන්, සහන සේවා මුදාගැනීමේ කණ්ඩායම් සහ ගිලන් රථ සේවා ධාවන පථය ආසන්නයේ සූදානම් කර තැබීමට පියවර ගත්තේය.
ඊට අමතරව ගුවන්තොටුපළ අවට පිහිටි රෝහල් ද හදිසි ප්‍රතිකාර සඳහා සීරුවෙන් තැබිණි.
කෙසේ වෙතත්, ගුවන් යානය කිසිදු අනතුරකින් තොරව කටුනායක ගුවන්තොටුපළ වෙත ආරක්ෂිතව ගොඩබෑමට සමත් වූ අතර, යානයේ සිටි කිසිදු මගියෙකුට හෝ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කිසිදු හානියක් සිදුව නොමැත.
Emergency Landing of SriLankan Airlines Flight in Colombo
An emergency situation unfolded at Bandaranaike International Airport in Katunayake when a SriLankan Airlines flight, carrying 273 passengers and crew from Melbourne, Australia, encountered a sudden smoke incident in the cargo hold as it approached for landing.
The aircraft involved is an Airbus A330, registered as UL 605, confirmed by Deepal Pereira, head of corporate communications at SriLankan Airlines. At the time of the incident, there were 258 passengers and 15 crew members on board.
In response to this alarming situation, the flight crew promptly issued an emergency message to the air traffic control tower at Bandaranaike Airport, requesting permission for a safe landing.
Airport authorities swiftly implemented emergency protocols, announcing a full-scale alert and mobilizing fire trucks, medical personnel, and evacuation teams to be on standby near the runway.
Additionally, local hospitals were alerted and prepared to provide immediate care if necessary.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

අනිත් පැත්තෙන් ගුවන් යානා හයක් කොට උඩ මේ පැත්තෙ දුමාරය.
ReplyDelete