සැබෑ උද්ධමනය 9.6%යි.. 8.3% ක් නොවේ..- HNB Stockbrokers


 ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගිය ඔක්තෝබර් මාසය සඳහා නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය 8.3% ක් ලෙස සටහන් වුවද, සැබෑ උද්ධමන අනුපාතය 9.6% ක් දක්වා ඉහළ අගයක පැවතිය යුතු බව ප්‍රමුඛ පෙළේ කොටස් තැරැව්කාර සමාගමක් වන 'HNB Stockbrokers' ආයතනය ගණනය කර ඇත.

ලෝක වෙළෙඳපොළේ බලශක්ති සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ඉහළ ගියද, එම සැබෑ මිල වැඩිවීම් නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ ප්‍රවාහන යන උප කාණ්ඩයන් ඔස්සේ දේශීය පාරිභෝගික මිල දර්ශකයට නිසි පරිදි ඇතුළත් නොවීම මෙම විෂමතාවට ප්‍රධානතම හේතුව බව එම සමාගම පෙන්වා දෙයි. ඒ අනුව කොළඹ පාරිභෝගික මිල දර්ශකය 209.9 සිට 212.4 දක්වා ඉහළ යා යුතුව තිබූ බවද ඔවුන්ගේ විශ්ලේෂණයේ සඳහන් වේ.

මැදපෙරදිග කලාපයේ උද්ගත වූ යුදමය නොසන්සුන්තාව හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ ගිය අතර, ලෝක ඩීසල් බැරලයක මිල 37.2% කින් ඉහළ යද්දී මෙරට වෙළෙඳපොළේ ඩීසල් ලීටරයක මිල 3.7% කින් පහත වැටී රුපියල් 285 ක මට්ටමක ස්ථාවරව පැවතිණි. එමෙන්ම විදුලි ගාස්තුවලද කිසිදු සංශෝධනයක් සිදු නොවීය.

විශේෂයෙන්ම, කොළඹ පාරිභෝගික මිල දර්ශකය තුළ 31.6% ක විශාලතම බර තැබීමක්  හිමි වන්නේ නිවාස, ජලය, විදුලිය සහ ගෑස් යන කාණ්ඩයටයි. එහෙත් එම කාණ්ඩය අගෝස්තු මාසයේදී 0.2% කින්ද, සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලදී 0.1% බැගින්ද ඍණාත්මක අගයක් වාර්තා කර තිබීම ගැටලු සහගත බව HNB Stockbrokers පෙන්වා දෙයි.

ලෝක වෙළෙඳපොළේ ප්‍රොපේන් ගෑස් මිල තීරණය කරන සෞදි ඇරම්කෝ මිණුම්දණ්ඩ අනුව ජූලි සිට නොවැම්බර් දක්වා කාලය තුළ ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 580 සිට ඩොලර් 720 දක්වා ශීඝ්‍රයෙන් ඉහළ ගියේය. එසේ තිබියදීත්, මෙරට ප්‍රමුඛ ගෑස් සමාගම වන ලිට්‍රෝ සමාගම ජූලි මාසයේදී කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300 කින්ද, සැප්තැම්බර් මාසයේදී තවත් රුපියල් 100 කින්ද අඩු කර ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී එහි මිල රුපියල් 4,365 ක මට්ටමේ පවත්වාගෙන ගියේය.

මේ හේතුවෙන් සැබෑ ආනයනික පිරිවැය පාරිභෝගික මිල දර්ශකයට නිසි පරිදි සංවේදී නොවූ බවත්, නිල වාර්තාවල උද්ධමනය සැබෑ තත්ත්වයට වඩා අඩුවෙන් පිළිබිඹු වීමට එය ප්‍රධාන ලෙස හේතු වී ඇති බවත් එම ආයතනය වැඩිදුරටත් අනාවරණය කරයි.





Discrepancy in Colombo's Inflation Rates Revealed Amid Global Price Surges

According to the Department of Census and Statistics, the Colombo Consumer Price Index (CCPI) for October officially recorded an inflation rate of 8.3%. However, HNB Stockbrokers, a leading brokerage firm, estimates that the actual inflation rate is likely much higher—around 9.6%—suggesting a significant disparity between reported figures and ground realities.

The surge in global commodity prices, particularly in energy, has impacted local markets. Despite rising costs, essential categories such as housing, water, electricity, gas, and transportation have not been adequately accounted for in the local consumer price index, which HNB Stockbrokers identifies as a major factor for this inconsistency. Their analysis indicates that the Colombo consumer price index should have seen a rise from 209.9 to 212.4.

Fuel prices in international markets have skyrocketed due to ongoing geopolitical tensions in the Middle East, with global diesel prices increasing by 37.2%. Contrarily, diesel prices in Sri Lanka have only decreased by 3.7%, stabilizing around Rs. 285 per liter. In addition, there have been no adjustments to electricity tariffs.

Notably, the housing, water, electricity, and gas category carries the largest weight of 31.6% within the Colombo Consumer Price Index. However, data reveals troubling reports of negative growth, with a decrease of 0.2% in August and 0.1% in both September and October, raising concerns about the reliability of the index.

Meanwhile, propane gas prices dictated by Saudi Aramco have surged from $580 to $720 per metric ton between July and November. Despite these increases, Litro, the primary gas supplier in Sri Lanka, managed to reduce the price of a 12.5 kg gas cylinder by Rs. 300 in July and a further Rs. 100 in September, maintaining it at Rs. 4,365 during October and November.

This situation has led HNB Stockbrokers to conclude that the actual costs of imported goods are not accurately reflected in the consumer price index, mainly contributing to the underreported inflation in official documents.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post