රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද ගැටුම් උච්චතම අවස්ථාවකට පත්ව ඇති පසුබිමක, දෙරටේම මිලියන සංඛ්‍යාත ජනතාවක් පරිහරණය කරන නිල හදිසි අනතුරු ඇඟවීමේ ජංගම දුරකථන යෙදවුම් වෙත එකම දිනයකදී එකවර එල්ල වූ සයිබර් ප්‍රහාර මාලාවක් මඟින් ව්‍යාජ න්‍යෂ්ටික ප්‍රහාර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ජාත්‍යන්තර 'බිස්නස් ඉන්සයිඩර්' පුවත් සේවය වාර්තා කරන පරිදි, දෙරටේම පද්ධතීන් එකවර සයිබර් ප්රහාරයන්ට ලක්ව ඇති බව දෙපාර්ශ්වයම මේ වන විට තහවුරු කර ඇත.
පළමුව සයිබර් ප්‍රහාරය එල්ල වී ඇත්තේ යුක්රේනයේ ඩිජිටල් පරිවර්තන අමාත්‍යාංශය සහ 'අජැක්ස් සිස්ටම්ස්' සමාගම එක්ව පවත්වාගෙන යන, එරට මිලියන 6.7 ක ජනතාවක් භාවිත කරන Air Alert යෙදවුමටය. මධ්‍යම රාත්‍රියට ආසන්න වෙත්ම කියෙව් අගනුවරට "විකිරණ තර්ජනයක්" පවතින බවට යුක්රේන භාෂාවෙන් එම යෙදවුම හරහා පරිශීලකයන්ට පණිවිඩ ලැබී තිබේ.
ඉන් සුළු වේලාවකට පසු රුසියානු භාෂාවෙන් නිකුත් වූ පසු විපරම් පණිවිඩයක දැක්වුණේ, "යුක්රේනය පුරා න්‍යෂ්ටික අනතුරු ඇඟවීමක් නිකුත් කෙරේ. බිය නොවන්න, මේ එන්නේ ඔරෙෂ්නික් මිසයිලයයි" යනුවෙනි. මීට අමතරව කියෙව් නුවර රසායනික තර්ජන සහ වීදි සටන් පවතින බවට ද ව්‍යාජ පණිවිඩ සංසරණය විය. කෙසේ වෙතත්, යුක්රේන ගුවන් හමුදාව වහාම ප්‍රකාශයක් නිකුත් කරමින් තහවුරු කළේ කිසිදු විකිරණ අනතුරක් නොමැති බවත්, අනතුරු ඇඟවීමේ යෙදවුම සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇති බවත්ය. මෙම ක්‍රියාව පිටුපස රුසියාව සිටින බවට යුක්රේන උපායමාර්ගික සන්නිවේදන මධ්‍යස්ථානය චෝදනා කර තිබේ.
යුක්රේන සිදුවීමෙන් පැය කිහිපයකට පසුව, රුසියානු හදිසි ආපදා අමාත්‍යාංශයේ නිල ජංගම යෙදවුම ද දැවැන්ත සයිබර් ප්‍රහාරයකට ගොදුරු වූ බව මොස්කව් බලධාරීහු තහවුරු කළහ. එහිදී එම අමාත්‍යාංශය පාලනය කරන ප්‍රාදේශීය ටෙලිග්‍රෑම් නාලිකා ඔස්සේ අසභ්‍ය වචන සහිත අර්ථ විරහිත ව්‍යාජ පණිවිඩ රැසක් නිකුත් වී තිබිණි.
එක් පණිවිඩයකින් අනතුරු අඟවා තිබුණේ, යුක්රේනයේ 'P1-Sun' වර්ගයේ කුඩා ඩ්‍රෝන යානා මඟින් රුසියාව දෙසට න්‍යෂ්ටික බෝම්බ රැගෙන එන බවයි. එමෙන්ම රුසියානු වැසියන්ට සති තුනකට සෑහෙන ආහාර නිවෙස්වල ගබඩා කරගන්නා ලෙස ද එම ව්‍යාජ අනතුරු ඇඟවීම් මඟින් දන්වා තිබුණි. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාව මෙතෙක් කිසිදු පාර්ශ්වයකට සෘජුව චෝදනා කර නොමැත.
Cyber Attacks Erupt Amid Escalating Russia-Ukraine Conflict
In a dramatic escalation of the ongoing conflict between Russia and Ukraine, millions of users across both nations have been targeted by a series of coordinated cyberattacks. These attacks coincided with official emergency alert apps, which disseminated false nuclear threat warnings on the same day.
According to reports from International Business Insider, both governments have confirmed that their systems suffered simultaneous cyber assaults. The initial wave of attacks hit Ukraine's Air Alert application, managed by the Digital Transformation Ministry in collaboration with Ajax Systems, which serves approximately 6.7 million users. Messages were sent to Ukrainians indicating a "radiation threat" just before midnight.
Shortly afterward, a message in Russian propagated sweeping false alerts, stating: "A nuclear alert has been issued across Ukraine. Don’t be alarmed; it’s merely the Orzhonikidze missile." Additional misleading notifications suggested chemical threats in the city and military skirmishes. However, the Ukrainian Air Force quickly issued a statement affirming that there were no radiation incidents and that the alert system had been compromised by a cyberattack. Ukraine’s Strategic Communications Center has since accused Russia of orchestrating the misinformation campaign.
Within hours of the initial incident, Russian officials confirmed that their emergency ministry's mobile application also fell victim to a large-scale cyberattack. The ministry reported that its regional Telegram channels were flooded with vulgar and nonsensical messages.
One such message ominously warned that Ukraine’s "P1-Sun" class drones were carrying nuclear bombs toward Russia. The false alerts also cautioned Russian citizens to stockpile food supplies for three weeks. As of now, Russia has not directly blamed any party for these cyber offensive actions.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
