කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු නිමාවන විට ප්‍රධාන මිල දර්ශකයන්හි කැපී පෙනෙන ඉහළ යෑමක් වාර්තා කරමින්, සමස්ත වෙළෙඳපොළ තුළ ඉතා ශක්තිමත් ධනාත්මක පිබිදීමක් සටහන් කිරීමට අද (04) සමත්විය.
දිනය නිමාවන විට කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) පෙර දිනයට සාපේක්ෂව ඒකක 421.48 කින්, එනම් සියයට 2.09ක සැලකිය යුතු වර්ධනයක් අත්කර ගනිමින් ඒකක 20,541.12ක් ලෙස සටහන් විය.
ඊට සමගාමීව, මෙරට ප්‍රමුඛතම සමාගම් 20 නියෝජනය වන ‘එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20’ (S&P SL20) දර්ශකයද ඒකක 112.52කින් හෙවත් සියයට 1.97කින් ඉහළ ගොස් දිනය අවසානයේ ඒකක 5,835.09ක මට්ටමක ස්ථානගත විය.
වෙළෙඳපොළ දෛනික පිරිවැටුම රුපියල් බිලියන 3.86ක් ලෙස දැක්වුණු අතර, දිනය පුරා කොටස් 119,455,060ක් හුවමාරු වී තිබේ.
ඒ සඳහා වාර්තා වූ සමස්ත ගනුදෙනු වාර සංඛ්‍යාව 25,165කි.
Colombo Stock Market Sees Notable Surge at Close
In a robust display of market activity, the Colombo Stock Exchange marked a significant positive turnaround today, registering impressive gains in key price indices as trading concluded.
By the end of the trading session, the All Share Price Index (ASPI) rose by 421.48 points, reflecting a noteworthy increase of 2.09 percent to close at 20,541.12 points. This rise indicates a sustained recovery amidst fluctuating market conditions.
Concurrently, the S&P Sri Lanka 20 Index, which tracks the performance of the country's top 20 companies, also experienced an uptick, climbing 112.52 points or 1.97 percent, finishing the day at 5,835.09 points.
The market recorded a daily turnover of 3.86 billion Sri Lankan Rupees, with a total of 119,455,060 shares exchanged throughout the trading hours.
Overall, the total number of transactions reported stood at 25,165, signaling heightened investor activity and interest in the market.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
