ට‍්‍රම්ප් පැරදුනු සතුටට කොළඹ කොටස් පිම්මේ උඩ යයි...


අමෙරිකා එක්සත් ජනපද මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ ගෝලීය වෙළෙඳපොළ තුළ නිර්මාණය වූ සුබවාදී ආයෝජන ප්‍රවණතාව හමුවේ, කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන දර්ශක ද්විත්වයම කැපී පෙනෙන වර්ධනයක් අද (05) දිනය අවසානයේ  සටහන් කර තිබේ.

දිනය පුරා පැවති දැඩි කොටස් මිලදී ගැනීමේ උනන්දුව හේතුවෙන් සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 589.18 කින් හෙවත් 2.87% කින් ඉහළ ගොස් දිනය අවසානයේදී ඒකක 21,130.30 ක් ලෙස සටහන් විය.

වඩාත් සක්‍රිය සහ ප්‍රමුඛතම සමාගම් 20 නියෝජනය කරන එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 (S&P SL20) දර්ශකය ඒකක 194.79 කින් (3.34% කින්) ඉහළ ගොස් ඒකක 6,000 සීමාවද ඉක්මවා යමින් දිනය නිමාවන විට ඒකක 6,029.88 ක් දක්වා ඉහළ නැංගේය.

වෙළෙඳපොළේ සමස්ත දෛනික පිරිවැටුම රුපියල් බිලියන 5.43 ක් ඉක්මවා ගිය අතර, එය මෑත ඉතිහාසයේ වාර්තා වූ ඉහළම දෛනික පිරිවැටුම් අගයන් අතරට එක්විය. දිනය තුළ ගනුදෙනු 36,235 ක් සිදුව ඇති අතර, හුවමාරු වූ සමස්ත කොටස් පරිමාව විසිපස් කෝටි අසූතුන් ලක්ෂය ඉක්මවා (258,331,878) ගොස් තිබේ.

ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵලයත් සමඟ ගෝලීය වශයෙන් පැවති දේශපාලනික හා යුදමය නොසන්සුන්තාව ලිහිල් වනු ඇතැයි පළවන විශ්වාසය හේතුවෙන් ලෝක බොරතෙල් මිල පහත වැටීම සහ අමෙරිකානු ඩොලරයේ අගය ස්ථාවර වීම නැගී එන ආසියානු වෙළෙඳපොළ වෙත ධනාත්මකව බලපා ඇති බවයි. 

ගෝලීය මට්ටමින් ආයෝජන අවදානම් පහව යෑමත් සමඟ ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල ප්‍රාග්ධන වෙළෙඳපොළ වෙත විදේශීය සහ දේශීය ප්‍රාග්ධනය ගලා ඒම මෙම පිබිදීමට සෘජුවම දායක වී තිබේ.





Colombo Stock Market Soars Following US Election Results

The Colombo stock market experienced significant growth today, driven by positive investment trends in the wake of the recent United States election results. Market observers noted a robust bullish sentiment as trading came to a close.

The All Share Price Index (ASPI) surged by 589.18 points, or 2.87%, ending the day at 21,130.30. This upward momentum was spurred by heightened interest in stock purchases throughout the trading session.

Meanwhile, the S&P Sri Lanka 20 Index, which represents the most active and influential companies, climbed by 194.79 points, or 3.34%, surpassing the 6,000 mark to finish at 6,029.88.

The total daily turnover exceeded an impressive Rs. 5.43 billion, marking one of the highest levels of daily spending recorded in recent history. During the day, there were 36,235 transactions, with a total trading volume surpassing 258.3 million shares.

Economic analysts suggest that the positive sentiment surrounding the US election outcome, which may alleviate global political and military unrest, has contributed to a decrease in global oil prices and stabilization of the US dollar. This, in turn, has positively influenced emerging Asian markets.

As investment risks diminish globally, countries like Sri Lanka are witnessing a surge in both foreign and domestic investment, significantly contributing to the recent market rally.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post