අපි ඉන්ධන විකුණන්නේ ගොඩබාන මිලට වඩා අඩුවෙන්..- නි. ඇමතිනී


 ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ ගොස් ඇති පසුබිමක, රජය තවමත් පාරිභෝගික ජනතාව වෙත ඩීසල් ඇතුළු ඉන්ධන ලබා දෙන්නේ මෙරටට ගොඩබාන සැබෑ පිරිවැයටත් වඩා අඩු මිලකට බව නියෝජ්‍ය අමාත්‍යනී කෞෂල්‍ය ආරියරත්න මහත්මිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

ඉන්ධන මිල සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඇති වූ උණුසුම් සංවාදයකදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ, වත්මන් ඉන්ධන මිල සම්බන්ධයෙන් සමාජය තුළ විවිධ විවේචන එල්ල වුවද, යථාර්ථය වන්නේ ගෝලීය වෙළෙඳපොළේ මිල ඉහළ යෑමේ සම්පූර්ණ බර රජය විසින් ජනතාව මත පටවා නොමැති බවයි.

"දැන් ඇවිල්ලා තියෙන ගාන ගොඩක් වැඩි වෙලා තියෙන්නේ. හැමෝම අහනවා ඇයි දැන් මේ ගොඩබාන මිලට ඉන්ධන දෙන්නේ නැත්තේ කියලා. ඇත්තටම තවමත් අපි මේ ඉන්ධන ලබා දෙන්නේ ගොඩබාන මිලටත් වඩා අඩුවෙන්," යැයි ඇය එහිදී අවධාරණය කළාය.

ජාත්‍යන්තර වෙළෙඳපොළ දත්තයන්ට අනුව, ආසියානු කලාපයේ පිරිපහදු කළ ඉන්ධන මිළ තීරණය කෙරෙන ප්‍රධාන මිණුම්දණ්ඩ වන සිංගප්පූරු ප්ලැට්ස් (Singapore Gasoil Platts) දර්ශකයේ ඩීසල් බැරලයක මිල අද දිනය වන විට ඇමෙරිකානු ඩොලර් 165ක් දක්වා ඉහළ ගොස් තිබේ. 

බොරතෙල් හෝ පිරිපහදු කළ ඩීසල් බැරලයක ලීටර් 159ක් අඩංගු වන අතර, ඒ අනුව සිංගප්පූරු ප්ලැට්ස් මිලට අනුව පමණක් ඩීසල් ලීටරයක මූලික මිල ඩොලර් 1.04ක් (වත්මන් ඩොලරයේ විනිමය අනුපාතිකය රුපියල් 300ක් ලෙස සැලකූ විට රුපියල් 312ක් පමණ) වේ.

මීට අමතරව, නෞකා ගාස්තු (Freight), රක්ෂණ ගාස්තු (Insurance), වරාය මෙහෙයුම් සහ ගොඩබෑමේ වියදම් (Handling charges) එක් වූ විට, වත්මන් වෙළෙඳපොළ තත්ත්වය යටතේ ඩීසල් ලීටරයක් මෙරට වරායට ගොඩබෑම සඳහා පමණක් (දේශීය බදු හා බෙදාහැරීමේ වියදම් රහිතව) රුපියල් 320ත් 330ත් අතර පිරිවැයක් දැරීමට සිදුවේ. 

ශ්‍රී ලංකාවේ මාසික ඉන්ධන මිල සංශෝධනය සිදු කරනු ලබන්නේ සිංගප්පූරු ප්ලැට්ස් මිල දර්ශකය, ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සහ නෞකා ප්‍රවාහන ගාස්තු මත පදනම් වූ විධිමත් පිරිවැය පරාවර්තක මිල සූත්‍රයකට අනුවය.






Government Justifies Diesel Pricing Amid Rising Global Oil Costs

In response to the surging global fuel prices, Deputy Minister of Energy, Kousalya Ariyaratne, addressed Parliament, asserting that the government continues to supply diesel and other fuels at prices lower than their actual costs. This statement comes amid heated discussions regarding fuel prices and their impact on consumers.

During a lively debate, the Deputy Minister acknowledged the criticism regarding current fuel pricing in the country. However, she emphasized that the full burden of rising global market prices is not solely placed on the citizens, noting, “The current prices have increased significantly. Many are asking why we are providing fuel at these elevated rates. In reality, we are still offering fuel at prices lower than the actual cost.”

According to international market reports, fuel prices in Asia are largely influenced by the Singapore Gasoil Platts index. As of today, the price for a barrel of diesel has climbed to approximately USD 165.

Each barrel contains 159 liters of diesel, suggesting that the base price for a liter—according to the Singapore Platts price—would be around USD 1.04, which translates to approximately LKR 312 at the current exchange rate of LKR 300 to the USD.

Moreover, the total cost for importing diesel includes not just the base price but also shipping fees, insurance, port operations, and handling charges. Under current market conditions, the cost of delivering a liter of diesel to Sri Lankan ports ranges from LKR 320 to LKR 330, excluding local taxes and distribution expenses.

In Sri Lanka, the monthly adjustment of fuel prices is based on a structured formula that takes into account the Singapore Platts prices, the exchange rate of the Sri Lankan rupee against the US dollar, and shipping costs.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

2 Comments

Previous Post Next Post