බලයට එනකොට නම් කිව්වා පාසල් උපකරණවලට, සෞඛ්‍යට අත්‍යවශ්‍ය ආහාරවලට වැට් එක අයින් කරනවා කියලා තාම ඒක කරගන්න බැරිවෙලා යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය
ඔහු මේ බව ප්‍රකාශ කලේ අද දින පාර්ලිමේන්තුවේදී ඩී.වී චානක සහ චානක මාදුගොඩ යන මන්ත්‍රීවරු සමග පැවති සාකච්ඡාවකදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා ,
ආණ්ඩුව මේ රටේ ජනතාවගේ ජීවන වියදම පාලනය කරන්න, දරාගත හැකි තැනකට මේ රටේ ජීවන වියදම ගේන්න, පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට යන වියදම යම් ප්‍රමාණයක් අවම කරන්න, ගෘහස්ථ ආර්ථිකය ශක්තිමත් කරන්න කිසිදු සාර්ථක වැඩපිළිවෙළක් අද වෙනකන් මේ අවුරුදු දෙක හමාරක් ඇතුළත ආණ්ඩුව ක්‍රියාත්මක කරලා නෑ. උද්ධමනය 8%ත් ඉක්මවා තියෙනවා. මේ මාසෙත් මේක වැඩි වෙනවා
පහුගිය කාලේ ජනාධිපතිතුමා ගිහිල්ලා කිව්වා එතුමාගේ කාල සීමාවේ කිසිම බද්දක් වැඩි කරේ නෑ කිව්වා. කිසිම බදු ප්‍රමාණයක් අලුතෙන් ගැහුවේ නෑ කිව්වා. බලයට එනකොට නම් කිව්වා පාසල් උපකරණවලට, සෞඛ්‍යට අත්‍යවශ්‍ය ආහාරවලට වැට් එක අයින් කරනවා කියලා. හැබැයි අයින් කරේ නෑ,අර අහිංසක මිනිස්සුන්ගේ ගිණුම්වලට, පොලියට, වැට් එක දැම්මා. වාහනවල බදු වැඩි කරා. තව IT sector , උපදේශන සේවා, කන්සල්ටන්සිවලට බදු ගැහුවා.
පටන් ගත්තේ තොරතුරු තාක්ෂණය කේන්ද්‍ර කරගෙන මහා දැවැන්ත ආර්ථිකයක් හදන්න ඕනේ කියලා. ඒක හදන්න ඕනේ. අපිත් ඒ මතේ ඉන්නවා. හැබැයි මොකක්ද කරේ? IT sector එකේ ආණ්ඩුවෙන් කිසිම සහෝයෝගයක් නැතුව බොහොම අමාරුවෙන් කීයක් හරි හොයාගන්න මිනිස්සුන්ටත් වැට් එක ගැහුවා.
Tax Relief Promised but Yet to Materialize, Says Namal Rajapaksa
Namal Rajapaksa, the National Organizer of the Sri Lanka Podujana Peramuna and a Member of Parliament, criticized the government for failing to remove VAT on essential school supplies and healthcare products, a promise made when the current administration came to power.
During a discussion in Parliament today with fellow MPs D.V. Chanaka and Chanaka Madugoda, Rajapaksa articulated his concerns regarding the government's inability to manage the rising cost of living for the people, which has surpassed 8% inflation. He emphasized that significant measures are necessary to bring living costs under control and to ease expenditure on children's education.
Rajapaksa pointed out that despite claims from the President about not increasing taxes during his term, no new tax relief has been implemented. He noted that while there was a pledge to exempt VAT from essential items, the government has instead imposed increased taxes on bank accounts, interest rates, and vehicles, as well as new taxes on the IT sector and consulting services.
Highlighting the government's initial focus on building a robust economy centered around information technology, Rajapaksa lamented the lack of support for the IT sector, which has made it increasingly difficult for people to survive amidst the new tax burdens.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
