මාලිමා ආණ්ඩුව කිසිදු නව බද්දක් පනවා නෑ.. ජනතාවට සහන දුන්නා..


 වත්මන් රජය බලයට පත්වීමෙන් පසු ගතවූ කාලසීමාව තුළ ජනතාව මත අමතර බරක් පැටවෙන කිසිදු ආකාරයක නව බද්දක් අය කිරීම සඳහා වන යෝජනාවක් පාර්ලිමේන්තුවේදී සම්මත කර නොමැති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා අවධාරණය කරයි.

රටේ ආර්ථිකය යළි ගොඩනැගීමේ ක්‍රියාවලිය තුළදී ජනතාව පීඩාවට පත් නොවන අයුරින් කටයුතු කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, නව බදු පැනවීම වෙනුවට පැවති බදු පවා යම් මට්ටමකින් අඩු කිරීමට පියවර ගෙන ඇති බව ප්‍රකාශ කළේය.

පෙර පැවති පාලනයන්ගේ බදු ක්‍රමවේදය සහ වත්මන් ආණ්ඩුව ගෙන ඇති සහනදායී තීන්දු පිළිබඳව කරුණු පැහැදිලි කළ චන්දන සූරියආරච්චි මහතා මෙසේ ද පැවසීය.

"ජාතික ජන බලවේගය ආණ්ඩු බලය භාරගන්නා අවස්ථාව වන විට මෙරට ජනතාවගේ මාසික ආදායම රුපියල් ලක්ෂය ඉක්මවන විටම උපයනවිට බද්ද (PAYE Tax) අය කිරීමට එවකට සිටි ආණ්ඩුව කටයුතු කර තිබුණා. එහෙත් වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු එම බදු අය කිරීමේ මූලික සීමාව රුපියල් එක්ලක්ෂ පනස් දහස දක්වා ඉහළ දැමීමට පියවර ගත්තා. ඒ හරහා රජයේ භාණ්ඩාගාරයට ලැබීමට නියමිතව තිබූ සැලකිය යුතු බදු ආදායම් ප්‍රමාණයක් පවා අහිමි කරගනිමින්, ජනතාවට සහන සැලසීමට අප කටයුතු කර තිබෙනවා."





No New Taxes Imposed on Citizens, Asserts MP Chandana Suriyarachchi

In a statement reflecting the current government’s stance, MP Chandana Suriyarachchi emphasized that no proposals to impose additional taxes on the public have been approved in Parliament since the administration took office. This declaration comes during a challenging period for the nation as it navigates the complexities of economic revival.

Suriyarachchi pointed out that the government's policy is to undertake initiatives that do not burden the citizens while working towards restoring the economy. He disclosed that rather than introducing new taxes, steps have been taken to reduce existing tax rates to some extent.

Providing clarity on the taxation strategies of previous administrations versus the measures adopted by the current government, Suriyarachchi highlighted a significant shift in policy. He noted, "When the National People's Power assumed control, the tax on monthly earnings exceeding one million rupees was levied by the then government. However, since this government came to power, we have raised the threshold for tax collection to one hundred and fifty thousand rupees. This change has resulted in the forgoing of considerable tax revenue that was expected in the national treasury, as we aim to offer relief to the people."



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

2 Comments

  1. ඇත්ත ඇත්ත, දුන්නා සහන දිරවගන්නත් බැරි තරමට නේද?ලක්ෂ 14 ක ගේ අස්වැසුම දීමනා වැඩිහිටි දීමනා කපලම දාලා.භාණ්ඩාගාර පිරිලා ඉතිරිලා.පුදුම සතුටක් දැනෙනවා ඇති වෛරය බොරුව පතුරවලා චන්දය ගත්ත හා දුන්න කිසිම කෙළෙහිගුණයක් නැති අනාගමික සිංහල බෞද්ධ වීරෝධී පාහර දේශපාලකයාටත් ජනතාවටත්.

    ReplyDelete
  2. උපයන විට බද්දේ සීමාව වැඩි කරා වගේ තිබුණ බදු වල වැඩි කරපු ඒවත් කියපන්.

    ReplyDelete
Previous Post Next Post