විශාල මත්කුඩු තොගයක් දකුණු මුහුදෙන් අල්ලයි...


ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදු කලාපයේදී මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබියදී නාවික හමුදා භාරයට ගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සහ එහි සිටි සැකකරුවන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා අද (05) පෙරවරුවේ දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන විත් තිබේ.

නාවික හමුදාව විසින් දියත් කරන ලද විශේෂ මෙහෙයුමකදී ඊයේ (04) දින මෙම යාත්‍රාව සිය භාරයට ගෙන ඇති අතර, එහි සිදුකළ මූලික පරීක්ෂාවලදී ‘හෙරොයින්’ සහ ‘අයිස්’ අඩංගු බවට සැක කෙරෙන උර 10 කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් යාත්‍රාව සහ සැකකාර ධීවරයන් පිරිස වැඩිදුර විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීමට නියමිත අතර, යාත්‍රාවේ තිබී හමුවූ මත්ද්‍රව්‍ය තොගයේ නිශ්චිත බර සහ එහි වටිනාකම ගණනය කිරීමේ කටයුතු මේ වන විට වරාය පරිශ්‍රයේදී ආරම්භ කර ඇත.

යාත්‍රාවේ තිබූ කිලෝ 150ට වැඩි මත්ද්‍රව්‍ය තොගයේ වටිනාමක රුපියල් බිලියන 3කට ආසන්න බව දැනට ගණන් බලා ඇත.





Navy Seizes Fishing Vessel with Large Drug Haul Off Sri Lanka’s South Coast

A fishing vessel, suspected of transporting a significant quantity of illicit drugs in deep seas south of Sri Lanka, has been apprehended by the Navy and taken to the dock at the Dickowita fishery harbor this morning (November 5) for further investigation.

The vessel was seized during a specialized operation launched by the Navy on November 4. Initial inspections revealed a cache of approximately ten kilograms of drugs, believed to include heroin and ice.

The confiscated fishing boat and its crew are set to be handed over to the Police Drug Eradication Division for further inquiries and legal proceedings. Already, assessments are underway at the harbor to determine the precise weight and valuation of the drug haul discovered on board.

Current estimates suggest that the seized cargo, weighing over 150 kilograms, could be valued at nearly three billion Sri Lankan Rupees.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

  1. බැලුව මොකද පරක්කු කියල. තුන් හුලස් එකට සල්ලි දීල කිච වුනාම

    ReplyDelete
Previous Post Next Post