කොළඹදී පැවති ආසියානු ශාන්තිකර විකාශන සංගමයේ (ABU) වාර්ෂික මහා සමුළුවේ සත්කාරකත්වය දැරූ ‘සිරස’ මාධ්‍ය ජාලය (MTV) වෙත ලබාදී ඇත්තේ මහා භාණ්ඩාගාරයේ මහජන බදු මුදල් නොවන බවත්, එය සංචාරක ක්ෂේත්රයේ ප්‍රවර්ධනය වෙනුවෙන්ම වෙන්වූ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අරමුදල් බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, පසුගියදා කොළඹ පෞද්ගලික හෝටලයකදී නිමාවට පත් වූ ආසියානු ශාන්තිකර විකාශන සංගමයේ 61 වැනි මහා සමුළුව වෙනුවෙන් රුපියල් මිලියන 104ක මුදලක් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මඟින් අනුග්‍රාහකත්වය ලෙස ලබා දී ඇති බවයි.
කෙසේ වෙතත්, එම මුදල් මුදල් අමාත්‍යාංශයෙන් හෝ මහා භාණ්ඩාගාරයෙන් වෙන් කළ මුදල් නොවන බවත්, මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන්ගෙන් අය කෙරෙන ඩොලර් පහක ගාස්තුවෙන් සහ හෝටල් ආදායමෙන් අය කෙරෙන 1%ක බද්දෙන් (Cess) සමන්විත වන සංචාරක ප්‍රවර්ධන කාර්යාංශ අරමුදලින් එම වියදම දරා ඇති බවත් ඔහු පැහැදිලි කළේය.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික රූපවාහිනී නාලිකා 6ක් පමණ මෙම විකාශන සංගමයේ සාමාජිකත්වය දරන බවත්, සත්කාරක ආයතනය තෝරාගනු ලබන්නේ ශ්‍රී ලංකා රජය විසින් නොව මැලේසියාවේ පිහිටි ABU විධායක මණ්ඩලය විසින් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අනුව මෙවර සත්කාරකත්වය අදාළ පෞද්ගලික ආයතනයට හිමිව තිබූ අතර, ලොව ප්රමුඛ පෙළේ විදෙස් මාධ්‍ය ආයතන 225ක් නියෝජනය කරමින් රටවල් 66කින් පැමිණි නියෝජිතයන් 350කට අධික පිරිසක් ඉදිරියේ ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රතිරූපය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම අනුග්‍රාහකත්වය පිරිනැමූ බව ඔහු පැවසීය.
සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය ඇතුළු පෞද්ගලික අංශයේ නියෝජිතයන්ගෙන් සමන්විත අධ්යක්ෂ මණ්ඩලයක තීරණයක් මත මෙය සිදුව ඇති බවත්, මූල්‍ය ප්‍රමාණය අනුව එය කැබිනට් මණ්ඩලයට දැනුම් දී අනුමැතිය ලබාගෙන ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
Cabinet Minister Clarifies Funding for ABU Summit Hosted by Sirasa Media Network
The Cabinet's Media Spokesman, Minister Dr. Nalinda Jayatissa, emphasized that the funds provided to host the annual Asian Broadcasting Union (ABU) Assembly in Colombo were not from the government's public treasury. Instead, these funds were allocated from the Tourism Promotion Bureau specifically designated for promotional activities in the tourism sector.
This clarification came during a media briefing held by the Government Information Department to announce cabinet decisions, responding to questions raised by journalists.
Dr. Jayatissa pointed out that a sponsorship sum of Rs. 104 million was granted by the Tourism Promotion Bureau for the successful conclusion of the 61st ABU Assembly, held recently at a private hotel in Colombo.
He made it clear that this expenditure was financed through the Bureau's funds, which are generated from a USD 5 fee charged to foreign tourists and a 1% cess on hotel revenues, rather than from the Ministry of Finance or the national treasury.
The Minister also noted that six state and private television channels in Sri Lanka are members of the ABU. He highlighted that the selection of the host institution is determined not by the Sri Lankan government but by the executive board of the ABU based in Malaysia. Thus, hosting this year's event fell to the relevant private entity, aimed at promoting Sri Lanka's tourism image before over 350 representatives from 66 countries, including leading international media organizations.
This initiative was taken based on a decision made by a board consisting of representatives from the private sector, including the Association of Hotel Owners, with the amount being reported to the Cabinet for approval in accordance with financial regulations.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

අනාගතයේදී ඇතිවෙන රජයක් යටතේ සිදුකරන ණඩු කටයුත්තක තීන්දුව ලෙස :-
ReplyDelete2026 වසරේදී පවත්වනලද ABU සමුලුවේ සත්කාරකත්වය සඳහා ජාතික රූපවාහිණියට හැකියාව තිබියදීත් එය ජාතික රූපවාහිණියට නොදී එහි සත්කාරකත්වය
පුද්ගලික නාලිකාවකට ලබාදීමෙන් රජයට මිලියන xxxxxx ගනනක අලාභයක් කිරීම වෙනුවෙන් හිටපු අමාත්‍යය xxxxxx ට අවුරුදු xxxx ක බරපතල ඳඬුවමක් ......."
විය නොහැකිද?.
මෙයාලා හිතාගෙන ඉන්නේ ආයේ කිසි කෙනෙක් එන්නේ නැ මෙයාලා තමයි දිගටම ඉන්නේ කියලා
Deleteකන්න ඕනැ වෙනකොට කබරගොයාත් තලගොයා වෙනවා කියන්නෙ මේකට තමයි. සිරස කියන්නෙ කොටියන්ගේ නාලිකාව කියල නොදන්නෙ කවුද?.
ReplyDeleteHunduwage hundu kata holola hamba karapuwa deela thiyenne...hik hik mama jeppek
ReplyDeleteමේක හරියටම NSB එකෙන් සිරිලිය අරමුදලට මුදල් බැර කළා වගේ දෙයක්
ReplyDelete