කහටගස්දිගිලිය, මීන්නාවල ප්‍රදේශයේ පිහිටි කායන්ගොල්ලෑව වැවට යාබද කුඹුරු යායක් ආසන්නයේ ළඳු කැලෑවක තිබී එක් දළයක් කපා ඉවත් කරන ලද වන ඇතෙකුගේ මළ සිරුරක් ඊයේ සොයාගත් බව කහටගස්දිගිලිය වනජීවී කාර්යාලය පවසයි.
වනජීවී නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී නිරීක්ෂණය වී ඇත්තේ, මියගොස් සිටි ඇතාගේ වම්පස දළය මුලින්ම කපාගෙන ගොස් ඇති බවයි.
වනජීවී නිලධාරීන් සැක පළ කරන්නේ කිසියම් සංවිධානාත්මක දළ ජාවාරම්කරුවන් පිරිසක් විසින් සත්වයා ඝාතනය කර හෝ මියගිය පසු මෙම දළය කපා රැගෙන ගොස් ඇති බවයි.
සිරුර දැඩි ලෙස නරක්වෙමින් පැවතීම හේතුවෙන් මෙම සත්වයා මියගොස් සති කිහිපයක කාලයක් ගතවී ඇති බවට විශ්වාස කෙරේ.
සත්වයාගේ මරණයට නිශ්චිත හේතුව තහවුරු කරගැනීම සඳහා පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය නිලධාරීන් මඟින් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.
ප්‍රදේශවාසීන් සැක පළ කරන්නේ මෙලෙස අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම කලාපයේ සැරිසැරූ ‘ලංකේශ්වර’ නමින් ප්‍රකට දළ ඇතා බවය.
කෙසේ වෙතත් මියගිය සත්වයාගේ නිශ්චිත අනන්‍යතාව මෙතෙක් වනජීවී බලධාරීන් විසින් නිල වශයෙන් තහවුරු කර නොමැත.
මෙම අභිරහස් මරණය සහ දළය සොරකම් කිරීම සම්බන්ධයෙන් කහටගස්දිගිලිය වනජීවී කාර්යාලය, දිවුල්වැව පොලිස් ස්ථානය සහ ප්‍රදේශයේ ස්ථානගත යුද හමුදා කඳවුරේ භට පිරිස් එක්ව පුළුල් ඒකාබද්ධ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
Mysterious Death of Wild Boar Sparks Investigation in Meeenawala
A wild boar's mutilated body was discovered yesterday near the Kumbaru wetland, close to the Kahatagasdigiliya area in Meeenawala. Officials from the local wildlife office reported the finding, indicating that a portion of the animal's left front limb had been severed.
Upon inspection of the scene, wildlife officers revealed that the remains showed signs consistent with organized poaching activity, suggesting that a group may have hunted the animal and then removed its body after death. Observations indicate that the wild boar had been dead for several weeks, as decomposition was notably advanced.
To ascertain the exact cause of death, a post-mortem examination will be conducted by officials from the Pandulagama wildlife veterinary department.
Local residents have speculated that the animal, known colloquially in the area as 'Lankeshwara,' may have fallen victim to a poaching incident, given its notoriety and size.
However, as of now, the identity of the deceased wildlife has not been officially confirmed by the authorities. In response to this mysterious killing and the alleged poaching, the Kahatagasdigiliya wildlife office, along with the Divulwewa police station and troops from a nearby military camp, have launched a comprehensive investigation.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
