අතීතයේදී පාලකයන් සවලෙන් බුක්ති විඳිමින් ජනතාවට කන් හැන්දෙන් සහන බෙදූ ක්රමවේදය සම්පූර්ණයෙන්ම කණපිට හරවමින්, පාලකයන්ට අවම වරප්රසාද ලබාදෙමින් ජනතාවට උපරිම සහන සලසන නව යුගයක් වත්මන් රජය බිහිකර ඇතැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීනී ඕෂානි උමංගා ප්රකාශ කළාය.
ජනහමුවක් අමතමින් අදහස් දැක්වූ මන්ත්රීවරිය සඳහන් කළේ, ජනතාව විසින් බලයට පත්කරන ලද ජාතික ජන බලවේග පාලනය යටතේ මෙරට දේශපාලන සංස්කෘතිය තුළ පැවති සුඛෝපභෝගී සහ නාස්තිකාර වරප්රසාද රැසක් මේ වන විටත් අහෝසි කර ඇති බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඕෂානි උමංගා මෙනවිය පෙන්වා දුන්නේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ධුරයට පත්වීමත් සමඟම ජනාධිපති ලේකම් කාර්යාලයේ නඩත්තු වූ දැවැන්ත කාර්ය මණ්ඩලය තුනෙන් එකක් දක්වා කප්පාදු කිරීමට පියවර ගත් බවයි.
එලෙස ඉතිරි කරගත් තුනෙන් දෙකක රාජ්ය සම්පත් සහ ප්රතිපාදන මහජන සේවාවන් සහ ජනතා සුබසාධනය වෙනුවෙන් සෘජුවම යොමු කිරීමට කටයුතු කර ඇතැයි ඇය කියා සිටියාය.
මීට අමතරව, පසුගිය පාලන සමයන්හිදී නඩත්තු කෙරුණු ජනාධිපති මන්දිර සහ මැති ඇමැතිවරුන්ගේ නිල නිවාස මහජන මුදල් කාදමන සුදු අලි බවට පත්වීමට ඉඩ නොතබා, ඒවා රටේ ආර්ථික සංවර්ධන කටයුතු සහ ඵලදායී භාවිතයන් සඳහා යොදවා ඇති බවද ඇය අවධාරණය කළාය.
පාලකයන්ගේ වරප්රසාද කප්පාදු කිරීමේ ක්රියාවලිය සාක්ෂි සහිතව පැහැදිලි කළ මන්ත්රීවරිය මෙසේද සඳහන් කළාය.
"හිටපු ජනාධිපතිවරුන්, ඔවුන්ගේ ආර්යාවන් සහ භාර්යාවන් මෙන්ම මන්ත්රීවරුන් මහජන බදු මුදලින් නඩත්තු කරමින් ලබාදුන් නාස්තිකාර විශ්රාම වැටුප් ක්රමය අප සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට පියවර ගත්තා. මීට පෙර පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වෙනුවෙන් ලබාදී තිබූ රුපියල් ලක්ෂ 100ක දැවැන්ත වෛද්ය රක්ෂණ ආවරණය රුපියල් ලක්ෂ දෙකහමාරක් දක්වා පහත හෙළීමට කටයුතු කළා. මේ තුළින් පාලකයන්ට හිමිවූයේ කන් හැන්දක තරම් අවම දෙයක් වන අතර, සමස්ත ප්රතිලාභය සවලෙන් බෙදන්නාක් මෙන් ජනතාව වෙත යළි ලබාදී තිබෙනවා."
New Era of Governance Promises Relief for the Public, Says MP Oshani Umanga
In a bold claim, MP Oshani Umanga of the National People's Power asserted that the current government is establishing a new paradigm of governance, significantly diverging from past administrations that benefited ruling elites at the expense of the populace. Highlighting a focus on delivering maximum relief to the people with minimal privileges for leaders, she made her remarks during a public gathering.
Umanga pointed out that the political culture within the country, previously overshadowed by luxurious and wasteful perks for those in power, is undergoing substantial changes. The National People's Power, which came into power with the support of the citizens, has played a crucial role in abolishing many of these outdated privileges.
The MP noted that since President Anura Kumara Dissanayake took office, decisive steps were taken to streamline the large workforce maintained by the Presidential Secretariat, cutting it back from three to two divisions. This move aims to redirect state resources and public services directly towards the benefit of the citizenry.
Moreover, she emphasized that the government has refrained from allowing the lavish official residences of past leaders and ministers to drain public finances, instead repurposing them for economic development and efficient use for the nation’s progress.
Elaborating on the process of eliminating perks for those in authority, Umanga clarified that former presidents, their spouses, and members of parliament previously enjoyed extravagant pension schemes funded by taxpayers, which are now being abolished. Additionally, she detailed significant reductions in the previously excessive medical insurance coverage afforded to members of parliament, from Rs. 100 million to Rs. 25 million. This adjustment reflects a shift in privilege that now seeks to redistribute resources back to the people.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මෙහෙම කෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවද ? මොන දිස්ත්රික්කෙන්ද ඇවිත් තියෙන්නේ ?
ReplyDeleteමුන් අපට කෙලලා අරිනවා මදිවට කෝචොකුත් කරනවා. බඩු මිල වැඩිවෙන එක නම් සවලෙන් තමයි වැඩිවෙන්නේ. මේ කාලකන්නි දකිනකොටත් දැන් අප්පිරියයි. අපරාදේ කජු සීයා ගෙදර යැව්වේ කියලා දැන් හිතෙනවා.
ReplyDeleteපේනවා, පේනවා, කන්හැන්දෙන් බෙදාගන්න බව පේනවා, කඩුවෙල ජුසේ මාවතේ තියෙන ලාල් කාන්තගෙ තෙමහල් සුපිරි මන්දිරය දිහා බලපුහම.
ReplyDeleteඋබලා අනික් එවුන්ගේ විශ්රාම වැටප කැපුවා... පැලවත්තෙන් විශ්රාම වැටප හදාගත්තා ... කොමිස් ඔක්කොම පැලවත්තට ... කොහොමද ටිකිරි මොලේ
ReplyDeleteගල් අඟුරුවලින් බිලියන 14ක් හොරා කන්න කන් හැන්දෙන් කීපාරක් බෙදන්න වුනාද? බාල ගල් අඟුරු දාලා නොරොච්චෝලේ කැඩිලා අපි කරන්ට් නැතුව හිටියෙත් තොපිල සවලෙන් හොරකම් කරපු නිසා තමයි. පචයි හොරකනුයි හැරෙන්න වෙන මොනාද උඹලා කලේ.
ReplyDeleteමේ ගෝතයෝ කට අරින වාරයක් පාසා මාලිමාවේ චන්ද සවලෙන් තමයි කුණු බක්කියට විසි වෙන්නෙ.
ReplyDelete......මේ නූගත් හීනමානය පිරි මිනීමරු පචයෝ ටික හිතන් ඉන්නේ උන් හරි උගතෝ වෑඩ්ඩෝ කියලා.....කාලයක් මවුබිම නෑතිනම් මරනය කිව්වා....ඈමරිකාව ඉන්දියාව හතුරන් කිව්වා......අද කොටිනටයි ඈමරිකාවටයි ඉන්දියාවටයි අපේ ඔක්කොම පාවලා දීලා.....ලෑජ්ජ නෑති සත්තු.....ජෙප්පෝ හිතන්නේ මුන් එදා වෑරදියි කියලද අද වෑරදියි කියලද ....??
ReplyDelete