බංකොලොත් රට අපි ගොඩදැම්ම විදිහ දැකලා ජාත්‍යන්තරයත් පුදුම වෙලා..


 සමාජ සුභ සාධනය සඳහා නීති හා අණපනත් ඉදිරිපත් කරන විට ඇතැම් සංවිධානාත්මක පිරිස් රජයට එරෙහිව තැන තැන හඬ නගන බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.

පොදු ජනතාව වත්මන් රජයෙන් ඉල්ලා සිටියේ නීතිය හා සාධාරණත්වය තහවුරු කරන ලෙස වුවත්, ඇතැම් පිරිස් දේශපාලන වාසි තකා රජයට එරෙහි විරෝධතා සංවිධාන කරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසුවේය.

ජාතික ඵලදායිතා සම්මාන උළෙලට සමගාමීව මධ්‍යම සහ සබරගමු පළාත් සම්මාන උළෙල මහනුවර කරළිය ශ්‍රවණාගාරයේදී පැවැති අතර ප්‍රධාන ආරාධිතයා වශයෙන් එම අවස්ථාවට සහභාගී වූ නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී මේ බව ප්‍රකාශ කළේය.

ආර්ථික වශයෙන් බංකොලොත්භාවයට පත්ව තිබුණු රට සමාජ සුභසාධනය තහවුරු වුණු රටක් බවට පත්කිරීමට වත්මන් ආණ්ඩුවට හැකියාව ලැබුණු බවත්, ශ්‍රී ලංකාව මෙම තත්ත්වයට පත්වීම පිළිබඳව ජාත්‍යන්තරය පවා මවිතයට පත්වන බව අමාත්‍යවරයා කීවේය.

නීතිය සහ සාධාරණත්වය තහවුරු කිරීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඇතැම් පිරිස් නව නීති ගෙන ඒමට එරෙහි වී කුඩා අරගල පවත්වමින් සිටින බවද බලය ඇති සමයේ මහජන මුදල් කොල්ලකෑ දූෂිත දේශපාලනඥයෝ වත්මන් ආණ්ඩුවට චෝදනා නැගීම හාස්‍යයට කරුණක් බවද කීවේය.

කමල් සුරවීර - මහනුවර





Government Faces Protests Amid Push for Legal Reforms, Says Deputy Minister

In a staunch address at the National Productivity Awards ceremony held at the Kandy City Hall, Deputy Minister of Industries and Business Development, Chathuranga Abeysinghe, highlighted the ongoing challenges the government faces from certain organized groups. These factions, he noted, have been vocal in their opposition to government initiatives aimed at social welfare through legal and regulatory reforms.

While the public has been calling for the government's assurance of law and justice, Abeysinghe pointed out that some groups are exploiting the situation for political gain by orchestrating protests against authorities.

He emphasized that the current government has made significant strides in securing social welfare for a nation that was once on the brink of economic collapse. According to him, Sri Lanka's recovery journey is so remarkable that even international observers are taken aback by the country's progress.

Abeysinghe reaffirmed that the primary objective of the government remains the establishment of law and justice. However, he criticized certain elements that are resisting the introduction of new laws, engaging in minor protests, and accused corrupt politicians of misappropriating public funds while mockingly criticizing the current government.

This timely discussion highlights the complexities and challenges the Sri Lankan government faces as it seeks to implement reforms necessary for the nation’s advancement.

Kamala Suraveera - Kandy



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

3 Comments

  1. කවුද යකො මුට ඇට පිටින් ගංජා දුන්න එකා...

    ReplyDelete
  2. මේ පොන්නයාට පයිත්තියන්. සුදු සීයා රට ගොඩ දාපු නිසා මුන් බඩ පිනුම් ගහනවා.

    ReplyDelete
  3. මුගේ ත්‍රස්තවාදී මහ එකා වගේම මූත් බොරුවෙන්ම ජීවත් වෙන පාහර බල්ලෙක් 😡🤮 මුන් ලැජ්ජාවක්, පවට ඇති බයක් කියන දෙයක් ගෑවිලා නැති අසමජ්ජාති, වලත්ත, හැබිචෝල්, තුච්ච, නීච, නූගත් හැතිකරයක්. මුන් අසාර්ථක බව පිලි අරගෙන කරන්න පුළුවන් කෙනෙකුට ඉඩදීලා පලයල්ලා කිව්වාට එහෙම යන එවුන් නෙවෙයි. අපේ බදු මුදලින් තවත් මුන්ව නඩත්තු නොකර අසූචි ගහලා එලවන්න කාලය හරි 😡

    ReplyDelete
Previous Post Next Post