Claude ප‍්‍රබල සයිබර් ප‍්‍රහාරයකට ලක්වේ..


 කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන  Anthropic ආයතනයේ නිල Claude VS Code මෘදුකාංග දිගුව සයිබර් ප්‍රහාරකයින්ගේ ග්‍රහණයට ලක්ව, පැය 12කට ආසන්න කාලයක් ක්‍රියාත්මක වී ඇති බව 'Ars Technica වෙබ් අඩවිය අනාවරණය කරයි.

මෙම අනවසර පිවිසුම හේතුවෙන් ලොව පුරා මෘදුකාංග ඉංජිනේරුවන් සහ සංවර්ධකයින් 5,000කගේ පමණ පරිගණක පද්ධති සෘජු තර්ජනයකට මුහුණ පා ඇති බව එම වාර්තාවේ දැක්වේ. 

කෙසේ වෙතත්, මෙම බරපතළ සිදුවීම සම්බන්ධයෙන් ඇන්ත්‍රොපික් සමාගම මෙතෙක් තම සේවාදායකයින් හෝ පරිශීලකයින් වෙත නිල වශයෙන් අනතුරු ඇඟවීමක් සිදු කර නොමැති වීම විශේෂත්වයකි.

'Ars Technica' වාර්තා කරන පරිදි, මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ කෘත්‍රිම බුද්ධි ආශ්‍රිත සංවර්ධක මෙවලම් සපයන 'කර්සර්' මෘදුකාංග වෙළඳපොළ තුළ පවතින VS Code දිගුව ඉලක්ක කරගනිමිනි. එහිදී ප්‍රහාරකයින් විසින් අදාළ මෘදුකාංගයේ 2.1.313 ද්වේෂසහගත සංස්කරණය මුදාහැර ඇති අතර, එය බාගත කරගත් හෝ පද්ධතිය මඟින් ස්වයංක්‍රීයව යාවත්කාලීන කරගත් පරිශීලකයින් 5,000කට ආසන්න පිරිසක් මීට ගොදුරු වී තිබේ.

සිදුවීම අනාවරණය වීමත් සමඟම, ප්‍රහාරකයින්ගේ සේවාදායකය සමඟ පැවති සබඳතාව බිඳදැමීමට Cursor ආයතනය ක්ලවුඩ් සේවා සපයන්නන් සමඟ එක්ව කටයුතු කර ඇත. මීට අමතරව අදාළ වෙළඳපොළ තාවකාලිකව වසා දමා, ආරක්ෂක යතුරු අලුත් කර, වෙනත් කිසිදු මෘදුකාංගයකට හානි සිදුවී නොමැති බව තහවුරු කිරීමෙන් අනතුරුව එය නැවත විවෘත කිරීමට පියවර ගෙන තිබේ. පසුව ඇන්ත්‍රොපික් සමාගම විසින් නව සුරක්ෂිත සංස්කරණයක් නිකුත් කිරීමට පියවර ගත්තේය.





Cyber Attack Targets Anthropic's AI Software, Compromising Thousands of Systems

The renowned artificial intelligence firm Anthropic has fallen victim to a cyber attack, with its official Claude VS Code software extension reportedly inoperable for nearly 12 hours, as highlighted by Ars Technica.

This unauthorized access has placed approximately 5,000 computer systems belonging to software engineers and developers worldwide at direct risk, according to the report.

Notably, Anthropic has yet to issue any official warnings to its clients or users regarding this significant breach, raising concerns about their communication protocols.

Ars Technica further reports that the attack specifically targeted the VS Code extension within the software marketplace for AI-related development tools operated by Cursor. The assailants managed to release a malicious version of the software—version 2.1.313—which may have been downloaded or automatically updated by nearly 5,000 users.

In response to the revelation of this event, Cursor has taken steps to sever ties with the attackers' servers by collaborating with cloud service providers. Additionally, the company temporarily closed the affected marketplace and has begun updating security keys, ensuring no damage occurred to other software before reopening the marketplace. Subsequently, Anthropic has initiated the release of a new secure version of its software.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post