ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්රයේ ප්රගමනය සහ සැමට ප්රතිලාභ හිමිවන තිරසාර ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීම උදෙසා ලෝක බැංකු සමූහයට අයත් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (IFC) පුළුල් සහයෝගය ලබා ගැනීමට රජය සාකච්ඡා පවත්වා තිබේ.
කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ කලාපීය උප සභාපති සර්වේෂ් සූරි මහතා ප්රමුඛ ඉහළ පෙළේ දූත පිරිසක් අතර මෙම විශේෂ සාකච්ඡාව මුදල් අමාත්‍යාංශයේදී පැවැති බව එම අමාත්‍යාංශය නිවේදනය කරයි.
මෙරට ආර්ථිකයේ උපායමාර්ගික ප්‍රමුඛතාවන් ලෙස හඳුනාගෙන ඇති කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, සංචාරක ව්‍යාපාරය මෙන්ම ප්‍රවාහන හා සැපයුම් යන ක්ෂේත්රයන්හි කඩිනම් සංවර්ධනයක් ඇති කිරීම සඳහා අවශ්‍ය සෘජු ආයෝජන සහ මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ විභවතාවන් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු විමසා බලා ඇත.
හුදෙක් සම්ප්‍රදායික වාණිජ බැංකුකරණ රාමුවෙන් ඔබ්බට ගොස්, රටේ සංවර්ධන අරමුණු සෘජුවම සාක්ෂාත් කරගත හැකි නව්‍ය සංවර්ධන මූල්‍යකරණ ක්‍රමවේදයක් මෙරට ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පිළිබඳවද දෙපාර්ශවයේ විශේෂ අවධානය යොමු විය.
දිගුකාලීනව මෙරට මූල්‍ය පද්ධතිය වඩාත් ශක්තිමත් කරමින් නව ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීම තිරසාර ආර්ථික ස්ථාවරත්වයක් සඳහා අත්‍යවශ්‍ය සාධකයක් බව මෙහිදී අවධාරණය කෙරිණි.
මෙම සාකච්ඡාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ කලාපීය අධ්යක්ෂ මැනුවෙල් රෙයස් රෙටානා, ලෝක බැංකු සමූහයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් කළමනාකාර ගෙවෝර්ග් සර්ග්සියන් සහ ලෝක බැංකුවේ කලාප අධ්යක්ෂ ඩේවිඩ් සිස්ලෙන් යන මහත්වරුන් ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය ක්ෂේත්රයේ ප්‍රධාන පෙළේ නියෝජිත පිරිසක් එක්ව සිටියහ.
Sri Lanka Advances Discussions with IFC for Sustainable Economic Growth
The Sri Lankan government is actively engaging with the International Finance Corporation (IFC), a member of the World Bank Group, to secure extensive support aimed at advancing the country's financial sector and achieving sustainable economic growth that benefits all citizens.
This significant dialogue took place at the Ministry of Finance, led by Minister of Labour and State Minister of Finance and Revenue, Dr. Anil Jayant Pranandu, alongside Sarvesh Suri, the IFC’s Regional Vice President, and a delegation of high-ranking diplomats.
Discussions centered on critical sectors identified as strategic priorities for the economy, including agriculture, fisheries, and tourism, along with transportation and supply chain sectors. The focus was on securing direct investments and financial resources necessary to accelerate development in these areas.
Both parties emphasized the importance of moving beyond traditional commercial banking frameworks. There was a strong recognition of the need to establish innovative financing mechanisms in the country that directly support developmental goals.
Moreover, reinforcing Sri Lanka's financial system to create new investment opportunities was highlighted as essential for achieving lasting economic stability.
The high-level meeting saw participation from prominent representatives in the international finance sector, including Manuel Reyes Retana, the IFC's Regional Director, Georgi Sargsyan, the World Bank Group’s Country Manager for Sri Lanka and Maldives, and David Sislen, the World Bank’s Regional Director.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
