ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2025 ඔක්තෝම්බර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කරයි.
ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2025 ඔක්තෝම්බර් මාසය සඳහා 2.1% ක් දක්වා වැඩි වී ඇත. එය 2025 සැප්තැම්බර් මාසය සඳහා 1.5% ක් ලෙස වාර්තා වී තිබුණි.
2025 ඔක්තෝම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 3.5% දක්වා වැඩි වී ඇති අතර 2025 සැප්තැම්බර් මාසයේ දී එය වාර්තා වුයේ 2.9% ක් ලෙසයි.
එමෙන්ම, 2025 ඔක්තෝම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 1.4% ක් දක්වා වැඩි වී ඇති අතර එය 2025 සැප්තැම්බර් මාසයේ දී 0.7% ක් ලෙස වාර්තා විය.
