ජාතික ජන බලවේගය ජාතික ලස්තුවේ සිටි මොහොමඩ් ඊබ්රාහිම් අපරාධකරුවෙක් නොවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතා සඳහන් කරයි.
ජාතික ලැයිස්තුවේ සිටි එම මොහොමඩ් ඊබ්රාහිම් අපරාධකරුවෙක් යැයි චෝදනා එල්ල වුවත් පැවති ආණ්ඩු කිසිවක් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර නැති බවද ඔහු සඳහන් කළේය.
පුතුන් දෙදෙනාට චෝදනා එල්ල වුවද ඊබ‍්‍රාහිම් අපරාධකරුවෙක් නොවන බවත් හෙතෙම කියා සිටියි.
සිරස රූපවාහිනිය පැවැති වැඩසටහනකදී ඔහු මෙම අදහස් පළ කළේය.
