ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කෙරේ...


2008 වසරේ ගොනු කරන ලද නඩු දෙකකට අදාළව අද (29) අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතාට වරෙන්තුවක් නිකුත් කර තිබේ.

අදාළ නඩු අද කැඳවූ අවස්ථාවේදී, ජගත් මනුවර්ණ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ, ඉඩම් ඔප්පු බෙදා දීමේ ජාතික උත්සවයකට සහභාගී වෙමින් සිටින බැවින් තම සේවාදායකයාට අධිකරණයට පැමිණීමට නොහැකි වූ බවයි.

කෙසේ වෙතත්, මහේස්ත්‍රාත්වරයා නිරීක්ෂණය කළේ, සැකකරු මීට පෙරද අසනීප තත්ත්වයක් දක්වමින් අධිකරණය හමුවේ පෙනී සිටීමට අපොහොසත් වූ බවයි. 

එසේම, නඩු විභාගය අදට නියම වී ඇති බව දැන දැනත්, ඔහු හිතාමතාම අධිකරණයෙන් ඉවත් වී ඇති බවද මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

එවැනි හැසිරීමකට සාධාරණ හේතුවක් නොමැති බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා, ඒ අනුව මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කිරීමට නියෝග කළේය.

Previous Post Next Post