රට පුරා මාර්ගවලට CCTV...


කොළඹ නගරය ඇතුළු රට පුරා පිහිටි ප්‍රදේශයන්ගේ මහා මාර්ගවල ආරක්‍ෂිත කැමරා පද්ධති සවිකිරීම සම්බන්ධයෙන් රජය අවධානය යොමු කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය ආරංචි මාර්ග සඳහන් කළේ ඊට අවශ්‍ය වන පිරිවැය සම්බන්ධයෙන් මෙවන විට එහි සහ සාකච්ඡා සිදුවෙමින් පවතින බවය.

මෑත කාලයේදී පාතාල අපාධාරාධකරුවන් ඇතුළු විවිධ සැකකරුවන් අල්ලා ගැනීමට ආරක්ෂිත කැමරා බොහෝ උපකාරී වූ හෙයින් මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇත.

මෙහිදී කැමරා පද්ධති පළාත් මට්ටමෙන් ක්‍රියාත්මක කිරීමට හා බස්නාහිර වයඹ හා උතුරු පළාත් මුල් කරගෙන පළමුව ආරම්භ කිරීමටද සාකච්ඡා කරමින් ඇත.

මෙම කැමරා පද්ධති එළඹෙන වසර ආරම්භයේ සිට ක්‍රියාත්මක කිරීමට අරමුණු කරගෙන සිටී.


Previous Post Next Post