රත්රන් ආනයන බද්ද 15% සිට 5% දක්වා අඩු කරන ලෙස ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තකරැවන් විසින් රජයෙන් යළි ඉල්ලා තිබේ.
ලෝක රන් වෙළෙඳපොළේ මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් දේශීය රන් මිල ගණන් ද පෙර නොවූ විරූ මට්ටම්වලට ඉහළ ගොස්, සැපයුම් කඩාකප්පල් වී, කුඩා ස්වර්ණාභරණ ව්‍යාපාරිකයන් අර්බුදයකට මුහුණ පා සිටින පසුබිමක මෙම ඉල්ලීම සිදුකර ඇත.
රත්තරන් ආනයනයේ වේගවත් වැඩිවීම පාලනය කිරීමටත්, ඉන්දියාව වැනි රටවලට රන් ජාවාරම අධෛර්යමත් කිරීමටත්, 2018 අප්‍රේල් මාසයේදී මෙම බද්ද පැනවිණි. කෙසේ වෙතත්, කර්මාන්ත නියෝජිතයන්ට අනුව, මෙම බද්ද නීත්‍යානුකූල ව්‍යාපාරවලට හානි කර ඇති අතර, නීති විරෝධී ගනුදෙනු පාලනය කිරීමට එතරම් බලපෑමක් කර නොමැත.
විශාල ආයතනික මිලදී ගැනීම් හේතුවෙන් ජාත්‍යන්තරව රන් මිල වාර්තාගත ඉහළ අගයක් ගෙන ඇත. එහෙත් දේශීය බලපෑම තවත් විශාල වී ඇත්තේ ප්‍රතිපත්තිමය වැරදි හේතුවෙන් බව කර්මාන්ත ආරංචි මාර්ග පවසයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ රන් මිල ගණන් ජාත්‍යන්තර මට්ටමට වඩා බෙහෙවින් ඉහළ ගොස් ඇති අතර, එය බොහෝ පාරිභෝගිකයින්ට දැරිය නොහැකි තත්ත්වයක් උදාකර ඇත.
.jpg)