ආරක්‍ෂක ලේකම්ගෙන් ගැසට්ටුවක්... ත‍්‍රස්තවාදයට මුදල් දුන් ලයිස්තුවෙන් 11ක් ඉවතට..


ත්‍රස්තවාදයට මුදල් සැපයීම හා ඊට අදාළ ක්‍රියාකාරකම් හේතුවෙන් නම් කර ලැයිස්තුගත කර තිබූ දෙමළ ජාතිකයන් එකොළොස් දෙනකුගේ නම් ආරක්ෂක ලේකම්වරයා විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ඉවත් කර ඇත. 

මෙම පියවර ගෙන ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝගවලට අනුව ලැයිස්තුගත කර තිබූ පුද්ගලයන් සම්බන්ධයෙනි. 

ආරක්ෂක ලේකම් සම්පත් තුයිය කොන්තා මහතා මෙම නිවේදනය නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ, මෙම තැනැත්තන් මින් මතු එම ලැයිස්තුවට ඇතුළත් නොවන බවයි.

නම් ඉවත් කළ පුද්ගලයන් අතර පහත අය ඇතුළත් වේ.

  • කාන්තලිංගම් ප්‍රේමරජි
  • බාලසුබ්‍රම නියම් ශ්‍රී ස්කද රාජා
  • කෝමොලිස් ප්‍රභාකරන්
  • ඉලයතම්බි තිරේස කුමාරන්
  • කන්දයියා කුන්ජිද පාදම්
  • කාසිනාදන් ගනේෂලිංගම්
  • ක්‍රිෂ්ණ කුට්ටි සුකුමාරන් හෙවත් උදයත්
  • කුරු කුල සිංහම්
  • තේවරාසා සෙබමාලේයි
  • ජොයි ජිනස් තුරෙයි රාසා ප්‍රියදර්ශනී
  • වේලුපිල්ලේ සිවනඩියාර්

ගැසට් නිවේදනයේ සඳහන් වන පරිදි, මෙම පුද්ගලයන්ගෙන් බහුතරයක් දැනට විදේශයන්හි පදිංචිව සිටිති. 

ඔවුන්ගේ ශ්‍රී ලංකාවේ පදිංචි ලිපින (කොළඹ, උතුරු සහ නැගෙනහිර පළාත්වල) සහ විදේශීය ලිපින යන දෙකම එම අතිවිශේෂ පත්‍රිකාවේ ඇතුළත් කර ඇත.

Previous Post Next Post