දමිත් වික්‍රමසේකර
මාණ්ඩලික නිලධාරීන් ඇතුළු රජයේ සියලුම සේවකයන්ට සියයට තිහක වැටුප් වැඩි කිරීමක් ලබාදීම සියලුම විශ්‍රාමිකයන් 2019 විශ්‍රාම වසරට අන්තර් ග්‍රහණය කිරීම සහ වතුකම්කරුවන්ගේ සහ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම වැටුප ඉහළ නැංවීම ඇතුළු සහන රැසක් පාර්ලිමේන්තුවට අද (07) ඉදිරිපත් කරන ජාතික ජනබලවේගය ආණ්ඩුවේ දෙවැනි අයවැය ලේඛනයෙන් යෝජනා කිරීමට නියමිත බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව මාණ්ඩලික නිලධාරින් me රජයේ සියලුම සේවකයන්ට සියයට තිහක වැටුප් ලබා ලබාදීම සඳහා සහ විශ්‍රාමිකයන් 2019 විශ්‍රාම වසරට අන්තර් ග්‍රහණය කිරීම සඳහාත් අයවැය ලේඛනයෙන් රුපියල් කෝටි 13,000 ක අමතර ප්‍රතිපාදනය වෙන් කර තිබෙන බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
එසේම රජයේ සේවකයන්ට තවත් සියයට තිහක වැටුප් වැඩි වීමක් ලබන 2027 වසරේ දී ලබා දීමට ද අයවැයෙන් යෝජනා කරන බව වාර්තා වේ.
අඩු ආදායම්ලාභීන්ට අස්වැසුම ප්‍රතිලාභ ලබාදීම සඳහා මෙවර රුපියල් කෝට් 24,000 ක මුදලක් වෙන්කර තිබෙන බව ද කියති.
මේ අතර මෙවර අයවැය ලේඛනයෙන් වාහන සඳහා බදු ඉහළ නැංවීමක් නොකරන නමුත් පාවිච්චි කරන ලද වාහන ගෙන්වීම සඳහා විවිධ පාර්ශවයන්ගෙන් ලැබෙන යෝජනාව ඉවත් කර ඇතැයි ද පැවසේ.
එමෙන්ම ඉදිරි මුදල් වර්ෂයේදී රජය රුපියල් කෝටි 65000 ක ආදායමක් අපේක්ෂා කරන බවද සඳහන් වේ.
අපනයන අමතරව දිරිගැන්වීම සඳහා ද මෙවර අයවැය ලේඛනයෙන් විශේෂ සහන සහ යෝජනා රැසක් ඉදිරිපත් කර ඇතැයි ද ආරංචි මාර්ග කියයි.
Lankadeepa
