ඇමරිකාව ඉරානයට යලි පහර දෙයි...


ඉරානයට අයත් කේෂ්ම් (Qeshm) දූපතේ ස්ථාපිත කර තිබූ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ මිසයිල ප්‍රහාරක මධ්‍යස්ථානයක් ඉලක්ක කරගනිමින් අමෙරිකානු ප්‍රහාරක ගුවන් යානා මඟින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව 'ෆොක්ස් නිවුස්' පුවත් සේවය වාර්තා කරයි.

 අමෙරිකානු ආරක්ෂක අංශයේ උසස් නිලධාරීන් දෙදෙනෙකු උපුටා දක්වමින් එම නාලිකාව මේ බව තහවුරු කර තිබේ.

මෙම මෙහෙයුම ආත්මාරක්ෂාව උදෙසා එල්ල කළ පූර්ව ප්‍රහාරයක් ලෙස හඳුන්වා දී ඇති අතර, ඉලක්කය සාර්ථකව විනාශ කිරීම සඳහා අමෙරිකානු ප්‍රහාරක යානා විසින් ඉහළ නිරවද්‍යතාවයකින් යුත් precision munitions භාවිත කර ඇති බව වාර්තා වේ.

කලාපයේ ස්ථානගත කර සිටින අමෙරිකානු භට පිරිස් සහ ඔවුන්ගේ හමුදා මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය එල්ල කිරීමට සූදානම් වූ ආක්‍රමණශීලී තර්ජනයන්ට ප්‍රතිචාර වශයෙන් මෙම පියවර ගත් බව අමෙරිකානු හමුදා ප්‍රකාශකයෙකු ප්‍රකාශ කර ඇත. 

එමෙන්ම, මැදපෙරදිග කලාපය පුරා විසිරී සිටින අමෙරිකානුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය නිරන්තර අවධානයෙන් සහ පූර්ණ සූදානමින් පසුවන බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර තිබේ.





US Strikes Iranian Missile Facility on Qeshm Island

In a significant military operation, US strike aircraft targeted a missile attack center established by the Islamic Revolutionary Guard Corps (IRGC) on Qeshm Island, Iran, according to reports by Fox News.

The news outlet confirmed this information, citing two senior officials from the US Department of Defense.

This operation is characterized as a preemptive strike designed for self-defense, with reports indicating that US bombers deployed precision munitions to successfully destroy the target.

A spokesperson for the US military stated that this action was taken in response to aggressive threats posed by the IRGC, which was preparing to attack American forces and their military installations in the area.

Moreover, the official emphasized that the US Central Command remains vigilant and fully prepared to ensure the safety of American personnel scattered throughout the Middle East region.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post