අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක ප්‍රතිශතයක් වසරක් තුළ වෙන් කරන ලෙස කිසි විටෙකත් ඉල්ලා නොසිටි බව අධ්‍යාපන අමාත්‍ය හා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය අද ප්‍රකාශ කළාය.
අග්‍රාමාත්‍යවරිය පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් සඳහන් කළේ මෙම වසරේදී ද.දේ.නි.යෙන් 2.04%ක ප්‍රතිශතයක් අධ්‍යාපනය සඳහා වෙන් කර ඇති බවයි.
වසර ගණනාවකට පසුව 2026 අයවැය මගින් අධ්‍යාපනය සඳහා රුපියල් බිලියන 7.04ක් වෙන් කර ඇති බව ද ඇය සභාගත කළාය.
එක් වසරක් තුළ දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනයට වෙන් කළ යුතු බවට ඔවුන් කිසි විටෙකත් ඉල්ලා නොසිටි බව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.
අධ්‍යාපනය සඳහා වන වෙන් කිරීම් ක්‍රම ක්‍රමයෙන් වැඩි කළ යුතු බවත්, ඒ සඳහා ආයතන ශක්තිමත් කර අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු බවත් ඇය පෙන්වා දුන්නාය.
අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු නොකර සහ ආයතන ශක්තිමත් නොකර හුදෙක් මුදල් පමණක් වෙන් කිරීමෙන් පලක් නොවන බව අග්‍රාමාත්‍ය අමරසූරිය මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රගතිය සඳහා අරමුදල් වෙන් කිරීමට සමගාමීව ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාවය මෙහිදී අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.

මේ උන්දැට ඩිමෙන්ෂියාවද නැත්නම් අපට ඩිමෙන්ෂියාවද.අර පිටේ 6% ගහගෙන නැටුවෙ මුන්දැගෙ මනෝකායද? මුන්ට විලි ලැජ්ජාව කියලා දෙයක් ඇත්තෙම නැද්ද මෙච්චර පච කියන්නේ.
ReplyDelete