ඤණසාර හිමි ඝාතන තැතක්.. ආරක්‍ෂාව වහා ඉල්ලයි..


 ත්‍රස්ත කණ්ඩායමකින් තම ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇති බව පවසමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් ආරක්ෂක ලේකම් වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.

උන්වහන්සේගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අමාත්‍ය ආරක්ෂක අංශයේ නිලධාරීන් දෙදෙනෙකු ලබා දෙන ලෙසට උන්වහන්සේ එමගින් ඉල්ලා සිටිති. 

මෙම ලිපියේ සඳහන් වන පරිදි, පාතාල කණ්ඩායමක් විසින් තමන් වහන්සේව ඝාතනය කිරීමට සැලසුම් කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇත.

තවද, රාජගිරියේ පිහිටි උන්වහන්සේගේ විහාරස්ථානයට බුද්ධි අංශයේ නිලධාරීන් පැමිණ මෙම අනතුර පිළිබඳව උන්වහන්සේ දැනුවත් කළ බවද ඥානසාර හිමියන් සිය ලිපිය මගින් ආරක්ෂක ලේකම්වරයාට දන්වා ඇත. 

එම අන්තවාදය නිසා දැඩි පීඩාවට පත් අපේ පාරම්පරික මුස්ලිම් ප්‍රජාව එම පීඩාකාරී බලවේගවලින් බේරාගන්නා ලෙස ඉල්ලා සිටි අතර ඔවුන් සතු බොහෝ තොරතුරු ද අප අතට පත් කළේ රට දැනුවත් කරන ලෙස ඉල්ලමිනි. සති කීපයකට පෙර නැගෙනහිර පළාතේ එරාවුර් ප්‍රදේශයේදී සිකුරාදා දිනෙක ජුම්මා දේශනාවට පැමිණි සියලු දෙනාට අත්පත්‍රිකා විශාල ප්‍රමාණයක් බෙදා දී තිබුණි. එහි දක්වා ඇත්තේ කාසිම් නමැති තරුණයා හා ඥානසාර තෙර යන දෙදෙනා හා ඔවුන් පිටුපස සිටින අනෙක් අය ගැනත් සොයා බලා ෂරියා නීතියට අනුව ගල් ගසා මරා දැමිය යුතුයි කියාය. ලිබියා ගඩාෆි නම් කණ්ඩායමක් වට්ස්ඇප් හරහා ද මෙම පණිවිඩය මුදාහැර ඇත. යනුවෙන් ද එම ලිපියේ සඳහන්ය.

“2013 වසරේ සිට ඉස්ලාම් අන්තවාදීන් සිදුකිරීමට ගිය විශාල විනාශයක් වළක්වා ගැනීමට මා ඇතුළු සංවිධානයට හැකි විය. එවන් සුවිසල් කැප කිරීමක් සිදු කළ මා අත්‍යන්ත අන්තරායකර අවදානමකට ලක්ව සිටින්නෙමි. සුදුසු ආරක්ෂාවක් ඉල්ලුව ද තවමත් එය ලැබී නැත.

මීට පෙර ප්‍රභූ ආරක්ෂාවක් ලබාදී තිබූ අතර මම කැමැත්තෙන් ම ඔවුන් නැවත අදාළ ආයතනයට යොමු කළෙමි. වින්දිතයන් ආරක්ෂා කිරීමේ කොට්ඨාසයට ද පොලිස්පතිතුමාට ද මේ බව දැනුම් දුන්නෙමි. සුදුසු යැයි (පෙර මෙන්) හැඟෙන පරිදි ඇමැති ආරක්ෂාව ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි” 

Previous Post Next Post