රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
මාධ්‍ය නිවේදනය
වෛද්‍යවරුන්
රට තුල රැඳි සිටීම
දිරිමත් කරමින් නිදහස් සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙලක් මෙවර අයවැයෙන්
ප්‍රකාශයට පත් කිරීමේ අවශ්‍යතාවය.
ශ්‍රී ලාංකීය
නිදහස් සෞඛ්‍ය සේවාව, ස්ථාවරව සහ
ශක්තිමත්ව පවත්වා ගැනීම, මෙරට අනාගතය
වෙනුවෙන් සිදු කරන සහ සිදු කළ යුතු වටිනාම ආයෝජනයයි. නිදහස් සෞඛ්‍ය සේවාව යනු ඕනෑම
රජයකට කිසිසේත්ම අත්හළ නොහැකි වගකීමකි.
මෙරට සෞඛ්‍ය
පද්ධතිය මේ වන විට මුහුණ දී ඇති ප්‍රබලතම අර්බුදය වනුයේ, විශේෂඥ වෛද්‍යවරුන්
වෛද්‍යවරුන් ඇතුළු මානව සම්පත පද්ධතියට අහිමි වී යාමයි.
රට තුළ නැවත
ආර්ථික සහ මූල්‍ය ස්ථාවරත්වය තහවුරු වෙමින් පවතින මොහොතක ඉදිරිපත් වන මෙවර අයවැය
ලේඛනය තුළදී, සෞඛ්‍ය
පද්ධතියේ පවතින ගැටලු හඳුනා ගනිමින් ප්‍රමුඛතාවයන් සහිතව විසඳුම් ලබාදීම අත්‍යවශ්‍ය
බව අපගේ හැඟීමයි.
විශේෂඥ වෛද්‍යවරුන්
සහ වෛද්‍යවරුන් රාජ්‍ය සෞඛ්‍ය සේවාවෙන් සහ ශ්‍රී ලංකාවෙන් ඉවත් වී විදෙස් ගත වීමට
ප්‍රධානතම හේතු බවට පත්වී ඇත්තේ ආර්ථික අස්ථාවරත්වය සහ යහපත් වෘත්තිය පරිසරයක්
නොමැති වීමයි.
එළඹෙන
සිකුරාදා දිනයේදී ජනාධිපතිතුමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත
අයවැය යෝජනාවලිය තුල එම ගැටළු විසඳීම සඳහා කෙටිකාලීන සහ දීර්ඝ කාලීනව වැඩපිළිවෙලක්
ප්‍රකාශයට පත්වීම, මෙරට නිදහස්
සෞඛ්‍ය සේවාව බිඳවැටීම වැළැක්වීම වෙනුවෙන් අනිවාර්ය කරුණකි.
විශේෂඥ වෛද්‍යවරුන්
සහ වෛද්‍යවරුන්ගේ, ආර්ථික
ස්ථාවරත්වය තහවුරු කරමින්,
තෘප්තිමත් වෘත්තීය පරිසරයක් බිහි කරමින් නිදහස් සෞඛ්‍ය
සේවාව ශක්තිමත් කිරීම වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන අයවැය යෝජනා
මේ වන විටත් ඉදිරිපත් කර ඇත.
වෛද්‍යවරුන්ගේ
ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීම වෙනුවෙන් යෝජනා
· සියලු කාණ්ඩවල වෛද්‍යවරුන්
වෙනුවෙන් කාර්යසාධනය සහ වෙළඳපොළ වටිනාකම මත පදනම් වූ සුවිශේෂී සේවා කාණ්ඩයක් සහ
වැටුප් ව්‍යුහයක් හඳුන්වාදීම.
·
වෛද්‍යවරුන්ගේ DAT දීමනාව
යාවත්කාලීන කිරීම සහ ප්‍රවාහන ගැටලු විසඳීම.
· රාජ්‍ය සේවයේ සියලු
විධායක නිළධාරී කාණ්ඩ වෙත ප්‍රවාහන පහසුකම් ලබා දෙන රාජ්‍ය පරිපාලන 22/99 චක්‍රලේඛයට
සියලු කාණ්ඩවල වෛද්‍ය නිලධාරීන් අන්තර්ග්‍රහණය කිරීම.
·
සියලු කාණ්ඩවල වෛද්‍යවරුන්ගේ
අමතර රාජකාරි දීමනාව, ස්ථාවර
දීමනාවක් බවට පරිවර්තනය කිරීම.
·
විදේශ ගත වී පශ්චාත්
උපාධි අධ්‍යාපනය ලබන වෛද්‍යවරුන්ට ලබාදෙන මාසික ජීවන වියදම් දීමනාව (Foreign Living Allowance) යාවත්කාලීන
කිරීම.
·
වෛද්‍යවරුන් ඇතුළු
වෘත්තියවේදීන්, බදු ප්‍රතිපත්තිය
තුළ විශේෂිත කාණ්ඩයක් ලෙස හඳුනාගනිමින් සාධාරණ බදු ක්‍රමවේදයක් හඳුන්වාදීම.
වෛද්‍යවරුන්ට
තෘප්තිමත් වෘත්තිය පරිසරයක් බිහි කිරීම සඳහා යෝජනා
·
සෞඛ්‍ය සේවාවේ පුළුල් වීමට අනුරූපීව අනුමත වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව
යාවත්කාලීන කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ ගැනීම.
·
සියලු කාණ්ඩවල වෛද්‍යවරුන්ගේ
ශ්‍රේණි උසස් වීම් ක්‍රමවේදයේ විෂමතා සහ ගැටලු විසඳීමින් නව ශ්‍රේණි උසස් වීම් ක්‍රමවේදයක්
හදුන්වා දීම.
·
රෝහල් පද්ධතිය තුළ
වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික ක්‍රමවේදයක්
සහ ප්‍රතිපත්තියක් හඳුන්වා දීම.
·
රෝහල් පද්ධතිය තුළ
රෝගී සත්කාර සේවාවන් සැපයීම සඳහා අවශ්‍ය පහසුකම් ස්ථාපිත කිරීම.
·
සියලු කාණ්ඩවල වෛද්‍ය
නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අධ්‍යාපන සහ පශ්චාත් උපාධි අධ්‍යාපන අවස්ථ
පුළුල් කිරීම.
·
රෝහල් පද්ධතිය තුළ ඖෂධ
සහ උපකරණ හිඟය විසඳීම.
·
නිල නිවාස පහසුකම්
යාවත්කාලීන කිරීම හා නිල නිවාස යටිතල පහසුකම් ඉහළ නැංවීම.
මෙම සියලු
යෝජනාද සහිතව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අයවැය යෝජනා සියල්ල ජනාධිපතිතුමා සහ
මුදල් අමාත්‍යාංශය වෙත යොමු කර ඇති, ඒ පිළිබඳ සාකච්ඡා කිරීම වෙනුවෙන්
ජනාධිපතිතුමාගෙන් අවස්ථා කිහිපයකදී ඉල්ලුම් කර ඇත.
දීර්ඝ කාලයක්
තිස්සේ රෝහල් පද්ධතිය තුළ පැවති ගැටලු විසඳීමට අසමත් වීම හමුවේ, මෙරට රෝහල්
පද්ධතිය නුදුරු දිනකදීම බිඳවැටීමේ අවධානමකට ලක් වී ඇති අතර, ඒ වෙනුවෙන්
කාල රාමුවක් සහිත තිරසාර වැඩපිළිවෙළක් වහාම ක්‍රියාත්මක නොවන්නේ නම්, මෙරට සෞඛ්‍ය
පද්ධතිය ඛේදවාචකයක් දක්වා ගමන් කිරීම වැළැක්වීමට නොහැකි වනු ඇත.
එවන්
වැඩපිළිවෙලක් ප්‍රකාශයට පත් කිරීමෙහිලා, ඉදිරි අයවැය ලේඛනය අතිශයින් තීරණාත්මක වන
අතර, ඒ අවශ්‍යතාවය
හඳුනා ගනිමින් ජනාධිපතිතුමා සහ රජය කටයුතු කරනු ඇතැයි අපි තරයේ විශ්වාස කරමු.

සියලු කාණ්ඩවල වෛද්‍යවරුන්
වෙනුවෙන් කාර්යසාධනය සහ වෙළඳපොළ වටිනාකම මත පදනම් වූ සුවිශේෂී සේවා කාණ්ඩයක් සහ
වැටුප් ව්‍යුහයක් හඳුන්වාදීම.
·
වෛද්‍යවරුන්ගේ DAT දීමනාව
යාවත්කාලීන කිරීම සහ ප්‍රවාහන ගැටලු විසඳීම.
·
රාජ්‍ය සේවයේ සියලු