ෂික් හසීනාට මරණ දණ්ඩණය නියම කෙරේ...


බංග්ලාදේශයේ තනතුරෙන් පහකළ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට ඩකාහි අධිකරණයක් විසින් මරණ දඬුවම නියම කර ඇත.

ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් හසීනා මහත්මිය මිනීමැරීම්, විනාශ කිරීම්, වධහිංසා පැමිණවීම් සහ අනෙකුත් අමානුෂික ක්‍රියා ඇතුළු අපරාධ සම්බන්ධයෙන් වරදකරු කරන ලදී. 

මෙම අපරාධ සිදු කර ඇත්තේ පසුගිය වසරේ ආණ්ඩු විරෝධී විරෝධතාකරුවන්ට එරෙහිව මර්දනයක් දියත් කිරීමට ඇය නියෝග කිරීම හේතුවෙනි.

නියෝගය අධිකරණයට කියවමින්, විනිසුරුවරයා ප්‍රකාශ කළේ, “චූදිත අග්‍රාමාත්‍යවරිය ඩ්‍රෝන යානා, හෙලිකොප්ටර් යානා සහ මාරාන්තික අවි භාවිතා කිරීමට නියෝග කිරීම මගින් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදු කර ඇති” බවයි.

තමන්ට එල්ල වී ඇති චෝදනාවලට වැරදිකාරිය නොවන බව හසීනා මහත්මිය ප්‍රකාශ කර ඇති අතර, මෙම විනිශ්චය සභාව “දේශපාලනික අරමුණු සහිත උපක්‍රමයක්” බවට චෝදනා කර තිබේ.

වසර 15ක පාලන බලයෙන් නෙරපීමෙන් පසු ඉන්දියාවට පලා ගිය ෂික් හසීනා සම්බන්ධයෙන් වූ නඩු විභාගය පවත්වා ඇත්තේ ඇයගේ සහභාගීත්වය නොමැතිවය.

බංගලාදේශයේ රජයේ රැකියා සඳහා වූ කෝටා ක්‍රමයකට එරෙහිව ආරම්භ වූ බංගලාදේශ විරෝධතා මර්දනයේදී පුද්ගලයන් 1,400 ක් පමණ මිය ගිය බවට වාර්තා කර ඇත. 

Previous Post Next Post