සුලං බලාගාරයකට ගෙනා දැවැන්ත සුලං පෙත්තක් පෙරලී වරාය පිවිසුමට දැඩි හානි...


 සුළං බලාගාරයක් තැනීම සඳහා මන්නාරමට ගෙන යමින් තිබූ, මීටර 76ක් දිගැති සුළං පෙත්තක් පටවාගත් ට්‍රක් රථයක් අද (02) සවස් වරුවේ ත්‍රිකුණාමල වරාය පිවිසුම් දොරටුව ආසන්නයේදී පෙරළී ගියේය.

මෙම අනතුර හේතුවෙන් වරාය භූමියේ පිහිටි ගොඩනැගිලි කිහිපයකට අලාභ හානි සිදු ව ඇත.

ටොන් 36ක බරකින් යුත් මෙම දැවැන්ත සුළං තලය, ට්‍රක් රථයෙන් ප්‍රවාහනය කිරීමට සූදානම් කරමින් වරාය පිවිසුම වෙත ගෙන එන අවස්ථාවේදී රථයේ සමබරතාවය බිඳී යාම මෙලෙස පෙරළී යාමට හේතුව වී ඇත.

Previous Post Next Post