සිංහරාජ මායිමේ යුනෙස්කෝ ලෝක උරුමයක හෝටලයක් හදයි..


යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති සිංහරාජ වනාන්තරය මායිමට නිල්දෙනිය රක්ෂිතයට හානි කරමින් හොටලයක් ඉදිකරමින් පවතින බවත් මෝනින් සයිඩ් හා සූරියකන්ද සම්ප්‍රේෂණ කුලුනු පිහිටි රක්ෂිත කලාපය ආසන්නයේ මෙම ඉදිකිරීම් සිදු කරන බැවින් පරිසර විනාශයක් සිදුවන බවට සූරියකන්ද කඩ මුදුන ගම්වාසීහු පවසති.

පාංශු සංරක්ෂණ පනත මඟින් ආවරණය වන කලාපයක් වන මෙම කලාපය මුහුදු මට්ටමේ සිට වර්ග අඩි 3200ක පමණ උසකින් යුත් ජෛව විවිධත්ව පරිසර පද්ධතියකට උරුම කම් කියන වනාන්තර ප්‍රදේශයකි. එම කලාපයේ සුර්යකන්ද සහ කඩමුදුන යන ගම්මාන දෙකේ පානිය ජලය සපයා ගන්නා ජල මූලාශ්‍රයක්ද පිහිටා ඇති අතර එයට හානි වන ලෙස මෙම විනාශය සිදුවන බවත් ප්‍රදේශවාසීහු පවසති.

මේ සම්බන්ධයෙන් නිල්දෙනිය පුජා ජල සමිතියේ සභාපති එම්. ඒ විලියම් මහතා සඳහන් කළේ මෙවැන්නකි. මේ ගැටලුව ඇති වෙලා තියෙන්නෙ සිංහරාජ පරිවාර වනාන්තරයක් වන නිල්දෙනිය රක්ෂිතය තුළ මේ වනාන්තරය 2011 අවුරුද්දේ රක්ෂිතයක් විදිහට ගැසට් කරපු එකක්. මෙහි අක්කරයක පමණ භූමියක් සූරියකන්ද පොද්දන ප්‍රදේශයේ පුද්ගලයකු බලහත්කාරයෙන් ගෙසලක් කපලා හෝටලයක් ඉදි කිරීමට අත්තිවාරම් දාලා තියෙනවා. අපි මේකට විරුද්ධව සූරියකන්ද පොලිසියේ පැමිල්ලක් සිදු කර තියෙනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට සහ කොළොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පවා මේ විනාශය නතර කරන ලෙස දැන්වලා තියන්නෙ. අපි ඉල්ලන්නේ මෙවැනි සංවේදි පරිසර පද්ධති විනාශ කරන අයට එරෙහිව නීති මඟින් කටයුතු කරන ලෙසයි යනුවෙනි.

රක්වාන - සුරංග තිලකරත්න

Previous Post Next Post