අද (04) පෙරවරුවේ අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලබා සිටි ව්‍යාපාරිකයෙකු මියගොස් ඇත.
ඔහු මෝදර දේවාලයේ සභාපතිවරයා ලෙසද කටයුතු කර ඇත.
මෙම ප්‍රහාරය අද පෙරවරු 10.30ට පමණ සිදුව තිබේ.
වෙඩි තැබීම සිදුකර ඇත්තේ රථයකින් පැමිණි බවට සැකකෙරෙන, මෙතෙක් අනන්‍යතාවය තහවුරු නොවූ කණ්ඩායමක් විසිනි.
ඔවුන් අදාළ පුද්ගලයා ඉලක්ක කර වෙඩි තබා වහාම එම ස්ථානයෙන් පලා ගොස් ඇත.
වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ වින්දිතයා ප්‍රතිකාර සඳහා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙලෙස මරණයට පත්ව තිබේ.
පොලිසිය විසින් සිදුකළ මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ වෙඩි තැබීමට ලක්ව ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙකු වන 'කරන්දෙණිය සුද්දා' නමැත්තාගේ වැඩිමහල් සොහොයුරියගේ ස්වාමිපුරුෂයා බවයි.
අම්බලන්ගොඩ පොලිසිය මේ වන විට පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.
