ආණ්ඩුවේ සාර්ථක ගමන දැකලා විපක්‍ෂය ෂොක් වෙලා..

 


වට්ටපු රට ගොඩනඟා ගෙන නීතියේ විධානය ශක්තිමත් කරගෙන ආණ්ඩුව ඉදිරියට යන විට විපක්ෂය භීතියට පත්ව ඇතැයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි පවසයි. 

රාත්‍රියේ සොහොනක් අසලින් ගමන් කරන විට කුණුහරුප කියන්නේ ඉතිපිසෝ ගාථාව කියන්නේ භීතියට පත් අය බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

ආණ්ඩුවේ මෙම වැඩපිළිවෙළ නිසා විපක්ෂයට විශාල විපතක් සිදුව ඇති බව ද චන්දන සූරිය ආරච්චි වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

Previous Post Next Post