වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් උඩුවෙල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයා විසින් පෙරේදා (4) සවස 6 න් පසු රෝගී සත්කාර සේවා අත්හිටුවීමට පියවර ගෙන ඇත.
ඒ බව ගේට්ටුවේ දැන්වීමක් අලවා, වෛද්‍යවරයා ගේට්ටුව වසා දමා රෝහලෙන් පිටව ගොස් ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරති.
මෙම තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව රෝහල විවෘත කරන ලෙස ඉල්ලා රෝහල අසල රැස්වී විරෝධතාවක නිරත වූහ.
මෙහි දන්ත වෛද්‍යවරයකු ඇතුළුව වෛද්‍යවරුන් හතර දෙනෙකු සේවය කරන අතර, සමස්ත කාර්ය මණ්ඩලය පහළොස් දෙනෙකු පමණ සිටින බව සඳහන් වේ.
රෝහල වසා ඇති බවට ප්‍රදේශවාසීන්ට දැනුම් ලැබීමෙන් පසු, ඔවුන් වහාම තලාතුඔය පොලිසියට සිද්ධිය වාර්තා කර ඇත.
පොලිස් නිලධාරීන් සමඟ රෝහලට ගිය ඔවුන්ට එහිදී හමුවී ඇත්තේ එක් හෙදියක් සහ තවත් සේවකයන් දෙදෙනෙකු පමණි.
සිද්ධිය පිළිබඳව සොයා බැලීම සඳහා මහනුවර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරියකු එම ස්ථානයට පැමිණියේය.
බලධාරීන් පැවසුවේ වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනත් වෛද්‍යවරයකු පත් කර රෝහලේ කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගත් බවයි.
එසේම, රෝහල වසා දමා ගිය වෛද්‍යවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවත්, රෝහලේ පවතින පරිපාලන ගැටලු කඩිනමින් විසඳීමට පියවර ගන්නා බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
