රියදුරු වැරදිවල ලකුණු දීම අරඹයි.. උපරිම ලකුණුවලට බලපත‍්‍රය අවලංගුයි..


එළඹෙන වසරේ සිට රියදුරන් සඳහා ලකුණු ක්‍රමයක් ගෙන ඒමට බලාපොරොත්තු වන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි.

දැනට ප්‍රදේශ කිහිපයක ක්‍රියාත්මක වන වාහන දඩ ඔන්ලයින් ගෙවීමේ ක්‍රමවේදය මෙම වසර අවසාන වන විට රට පුරා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම කියා සිටියේය.

පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. 

වාහන වලට වැරදි වලට දඩුවම් ලකුණු ලබාදීමෙන් පසු උපරිම ලකුණු සීමාව ඉක්මවා වගේ විට රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීම හෝ අවලංගු කිරීමට ලොව බොහෝ රටවල් ක්‍රියාත්මක කරයි.

ශ‍්‍රී ලංකාවට ද හඳුන්වා දීමට යෝජනා වී ඇත්තේ ඒ හා සමාන ක්‍රමවේදයකි.


Previous Post Next Post