අයවැයෙන් දොස්තරලා නොසලකා හැරලා.. වෛද්‍ය කාර්ය මණ්ඩල හිඟ වේවි...


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සමඟ පැවති රැස්වීමකින් පසුව, වෘත්තිකයන්ගේ සහ මහජනතාවගේ ගැටළු නොසලකා හැරීම සම්බන්ධයෙන් සිය අදහස් දැක්වීය.

රැස්වීමෙන් පසු මාධ්‍ය අමතමින් රාජපක්ෂ මහතා පැවසුවේ 2026 අයවැය යෝජනා අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කර සකස් කළ යුතුව තිබූ බවයි.

“දේශපාලන සම්බන්ධතා ඇති අයගේ අවශ්‍යතා පමණක් නොව, සියලු අංශ සලකා බලා අයවැය සකස් කළ යුතුව තිබුණ බව නාමල් රාජපක්ෂ පැවසීය.ඔහු පැවසුවේ, පෙර අයවැය යෝජනාවල දී දුන් පොරොන්දු ඉටු කිරීමට රජය  තවමත් අපොහොසත් වී ඇති බවයි.

වෛද්‍යවරුන්ට සහ අනෙකුත් වෘත්තිකයන්ට බලපාන ගැටළු ද නාමල්  රාජපක්ෂ  ඉස්මතු කළ අතර,  නිසි කළමනාකරණයක් නැති කමින් අනාගතයේදී වෛද්‍ය කාර්ය මණ්ඩලයේ හිඟයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීය. යටිතල පහසුකම් සංවර්ධනය සඳහා සැලසුම් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඔහු රජය විවේචනය කළ අතර, සියලු අංශවල අවශ්‍යතා සපුරා නොගෙන රට පද්ධතිමය බිඳවැටීමේ අවදානමක් ඇති බව අවධාරණය කළේය.

Previous Post Next Post