ජනප‍්‍රිය ගායකයෙක් බිරිදගේ නිරුවත් රූප වටේ බෙදයි..

 


- රෝෂන් තුෂාර

සිය බිරිඳගේ අසභ්‍ය වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ බිරිඳගේ නැගණියට යොමු කිරීමේ චෝදනාවට වරද පිළිගන්නා බව ප්‍රසිද්ධ ගායන ශිල්පියෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ (20) ප්‍රකාශ කළේය.

පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී සැකකාර ගායකයා අධිකරණයේ පෙනී සිටි අතර, අසභ්‍ය ප්‍රකාශන ප්‍රචාරය කිරීමට අදාළ චෝදනාව සැකකරුට ඉදිරිපත් කළේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජගත් බණ්ඩාර මහතා අධිකරණයට කරුණු දක්වමින් සිය සේවාදායකයා වරද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කර ගැනීමට කැමැති බව ප්‍රකාශ කළේය.

සැකකරුගේ බිරිඳ ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය මගින් මෙම පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කර

වසර දහයක් පමණ සැකකරු සමඟ ජීවත්ව ඇති බිරිඳ සැකකරුගේ නොමනා ක්‍රියා කලාප හේතුවෙන් නිවස අතහැර මවගේ නිවසට ගොස් ජපානයේ තරුණයකු සමග දුරකථනයෙන් සුහදතා පවත්වා ඇති අතර ඉන් අනතුරුව සමථයට පත්ව ගායකයා සමග යළි විවාහ දිවිය ගෙවා ඇත.

එහිදී පැමිණිලිකාරියගේ ෆේස්බුක් ගිණුම හරහා යොමු කළ මැසේජ් පරික්ෂා කර ඇති සැකකරු එහි පණිවිඩ හුවමාරුවේදී ලබාගත් නිරුවත් ඡායාරූපයක් දැක එම ඡායාරූපය බිරිඳගේ නැගණියට යොමු කර තිබේ.

සිය ඡායාරූප වට්ස් ඇප් ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන ඒකකයට බිරිඳ පැමිණිලි කිරීමෙන් පසුව මෙම නඩුව 1983 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශන (සංශෝධිත) පනතේ (2) (අ) සහ 2 (ආ) යන වගන්ති ඔස්සේ අසභ්‍ය ප්‍රකාශ ප්‍රචාරය කිරීමට එරෙහිව චෝදනා ගොනු කරමින් පැවරීය.

සැකකරු අදාළ චෝදනාවට වරද පිළිගන්නා බවට ප්‍රකාශ කිරීමෙන් පසුව සැකකරුගේ පෙර වැරදි සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

පැමිණිලිකාරිය අධිකරණයේ පෙනී නොසිටීම යන කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා දෙසැම්බර් 19 වැනිදා නැවත නඩුව කැඳවීමට නියෝග කළේය.

Previous Post Next Post