“සතුටු රටක් ක්ලීනින් ශ්‍රී ලංකා ගමින් ගමට” විශේෂ ජන සත්කාර වැඩසටහනක් (23) දින උදෑසන 8:30 සිට හැටන් දුම්රිය ස්ථාන නව ගොඩනැගිලි පරිශ්‍රයේදි ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. සහ නුවරඑලිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති මංජුල සුරවීර ආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් (23) දින ආරම්භ කෙරිණ.
ජනාධිපති
ලේකම් කාර්යාලය, නුවරඑලිය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ අඹගමුව තලවකැලේ, නෝර්වුඩ්
යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් මෙම විශේෂ ජන සත්කාර වැඩසටහන සංවිධානය කර ඇත.
මෙම
සත්කාර වැඩසටහනේදි අඹගමුව, තලවකැලේ, නෝර්වුඩ් ප්‍රාදේශිය බල ප්‍රදේශවල
පදිංචි පහත සදහන් සේවාවන් (23) දින උදෑසන 8:30 සිට පස්වරු 4:00දක්වා නොමිලේ ලබා දීමට
පියවර ගෙන ඇත.
• උප්පැන්න විවාහ ඇතුලු
රෙජිස්ටාර් අංශයේ සේවාවන්
• ජාතික හැදුනුම්පත්
සේවාවන්
• වැඩිහිටි හැදුනුම්පත් ලබා
දීම
• කම්කරු දෙපාර්තමේන්තු
සේවාවන්
• උපදේශක සේවාවන්
• ආපදා, සමෘද්ධි, රජයේ ඉඩම්, විශ්‍රාම
වැටුප්, විදේශ රැකියා සම්බන්ධ ගැටළු
• ව්‍යාපාරික නාම
ලියාපදිංචි කටයුතු
• වෙළද බලපත්‍ර ලබා ගැනීම
කටයුතු
• පොලිස් වාර්ථා ලබා ගැනිම්
• නීති ආධාර සේවාවන්
• සෞඛ්‍ය සහ ආයුර්වේද සායන
• ඇස් කණ්ණාඩි ලබා දීම
• මත්ද්‍රව්‍ය නිවාරණ
වැඩසටහන්
• තරුණයින් සදහා රැකියා පොළ
පැවැත්වීම
• වෘත්තීය පුහුණු සදහා
දැනුවත් කිරිම
• කුඩා ව්‍යාපාර සදහා
දැනුවත් කිරිම
• සුවනාරි සායනය, මනෝ උපදේශක සේවා, ඇස් පරික්ෂා කිරිම, දන්ත සායන
• අස්වැසුම සම්බන්ධ ගැටළු
• සමත කරන ගැටළු
• විදුලි බල මණ්ඩල සේවා
• කෘෂීකාර්මික උපදේශක
සේවවාන්
• බීජ ලබා දිමේ සේවාවන්
මෙම
අවස්ථාවට නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. ක්‍රීෂ්ණන් කලෙයිචෙල්වි, නුවරඑලිය දිස්ත්‍රික්
ලේකම් තුෂාරි තෙන්නකෝන්, අඹගමුව තලවකැලේ,
නෝර්වුඩ් යන ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුලු රාජ්‍ය නිළධාරින් විශාල
පිරිසක් සහභාගි විය.
මෙම
සත්කාර වැඩසටහනෙන් සේවා ලබා ගැනීමට විශාල පිරිසක් සහභාගි වී ඇති අයුරු අප කැමරාවේ
සටහන් විය.
