පිංකමකට පැමිණි පිරිසක් සුදු ඉර මත දී සුනඛයෙකු යට කර පලා යයි...

 


නුවරඑළිය නගර මධ්‍යෙය් පිහිටි ඉන්ධන පිරවුම් හළක් අසළ සුදු ඉර මත සිටි සුනඛයකු ජීප් රථයකින් යට කර දමා පලා යන අයුරු අසළ වෙළදසැළක සවි කර තිබූ ආරක්ෂිත කැමරාවක (22) දින සටහන් වී තිබුණි.

නුවරඑලිය නගර මධ්‍ය යේ පිහිටි ඉන්ධන පිරවුම්හළක සේවකයන් විසින් සුරතලයට ඇති කරන සුනකයෙකු නගරයට පැමිණෙන ඇතැම් පිරිස් සමග සෙල්ලම් කරමින් සිටින සුනකයෙකු බවත්, නුවරඑලිය ප්‍රදේශයේ පිංකමකට පිරිසක් පැමිණි ජීප් රථයකින් එම සුනඛයා යට කර දමා යන අයුරු අසළ සිටි සියලු දෙනාගේ සිත් කම්පා කරවන සිද්ධියක් වූ බවයි සිද්ධිය සියැසින් දුටුවන් පවසන්නේ.

අනතුරට පත් සුනකයා මිය ගිය බවත්, පසුව ඉන්ධන පිරවුම්හලේ සේවකයන් විසින් සුනකයා වළ දමා ඇති බවත්, විනය ගරුක රියදුරන් සුදු ඉරක් මතින් මාරුවන පදිකයන් හෝ සිව්පාවෙකු අනතුරට පත් නොකර රිය ධාවනය කිරිම වගකීමක් බවයි සිද්ධිය දුටුවන් පවසන්නේ.

Previous Post Next Post