හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් ජාතීන් අතර අසමගිව ඇතිවන ආකාරයේන් සිදු කළේ යයි චෝදනා එල්ල වන ප්‍රකාශයන් වල සංස්කරණය නොකල හඬ පට රජයේ රස පරීක්ෂකයා හරහා පූර්ණ වාතාවක් කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය රහස් පොලිසියට නියෝග කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා මෙම නියෝගය කර ඇත.
ඒ අනුව සංස්කරණය නොකරන ලද හඬ පට මාධ්‍ය ආයතනවලින් ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධමය වරදකට අදාළව සාක්ෂි අනාවරණය කර ගැනීම හැකියාව ඇත්දැයි සොයා ගැනීමට මෙම හඬ පට රස පරීක්ෂක වෙත යොමු කර තිබේ.
